ජවිපෙට සල්ලි ලැබුණේ කෙසේද යන්න හෙළිකළ යුතුයි - සෝමවංශ අමරසිංහ

Published in පුවත්
Tuesday, 25 August 2015 08:29

පසුගිය මැතිවරණයේදී ජවිපෙ විශාල මුදලක්‌ වියදම් කළත් ඒ මුදල් පක්‌ෂයට ලැබුණු ආකාරය මේ දක්‌වා අභිරහසක්‌ බැවින් එම මුදල් පක්‌ෂයට ලැබුණු ආකාරය හෙළි කරන්නැයි ජනතා සේවක පක්‌ෂයේ ප්‍රධාන ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ඉල්ලා සිටියේය.

ඉස්‌සර මැතිවරණ කරන්න ජවිපෙට මුදල් තිබුණෙ නෑ. සමහර විට අපි මැතිවරණ කළේ අපේ සහෝදරයන්ට අයිතිව තිබූ වාහන දෙක තුනක්‌ විකුණලා. නමුත් මෙවර ජවිපෙ හැම දිස්‌ත්‍රික්‌කයකටම වාහන දීලා ලොකු වියදමක්‌ කරලත් දිනාගත හැකි වූයේ මන්ත්‍රී ධුර 6 ක්‌ පමණයි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඒ ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙ ජවිපෙ මෙරට පාර්ලිමේන්තුවේ ආසන 41 ක්‌ හිමිකරගෙන තිබූ බව අමතක කරලයි. ජවිපෙට මුදල් නැති බව අපි දන්නවා. එහෙම නම් මෙවර මැතිවරණයේදී විශාල මුදලක්‌ වියදම් කරන්න අනුර කුමාර සහෝදරයාට මුදල් ලැබුණේ කොහොමද කියල ජනතාවට හෙළි කළ යුතුයි. අද ජවිපෙ පැරැණි වාමාංශික දේශපාලන පක්‌ෂයක තත්ත්වයට පත් වෙලා. ජනතාව දැන් ඒ පක්‌ෂය ප්‍රතික්‌ෂේප කරනවා.

මෙවර මැතිවරණයෙන් පසු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජාතික ලැයිස්‌තුවෙන් වාමාංශික පක්‌ෂවලට අවස්‌ථාව ලබානොදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ බුද්ධිමත්ම තීරණයක්‌. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වාමාංශික පක්‌ෂ කාගේ පිහිටෙන් හරි පාර්ලිමේන්තුවට ඇවිල්ල කළ එකම දෙය තමයි මේ රට විනාශ කිරීම. ඒ අවස්‌ථාව අහෝසි කිරීම මේරටේ ජනතාවගේ වාසනාවක්‌ බවද ඔහු සඳහන් කළේය.

අපේ රටේ වාමාංශික ව්‍යාපාර සියල්ල දැන් අහෝසිවෙලා. ධනපති ගැති පිරිසක්‌ තමන් වාමාංශිකයන් යෑයි හඳුන්වා ගන්නවා. මේ අවසනාවන්ත තත්ත්වය ඉවරයක්‌ කරන්න. ජනාධිපතිතුමා කටයුතු කිරීම ප්‍රශංසාවට ලක්‌ විය යුතු යෑයිද ඒ මහතා කීවේය.

සෝමවංශ අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

divaina

Last modified on Tuesday, 25 August 2015 08:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us