උතුරේ අවතැන් ව සිටින සියළු දෙනාම වසරක් තුළ පදිංචි කර අවසන් කෙරෙන බව පුනරුත්ථාපන ,යළි පදිංචි කිරීම සහ හින්දු කටයුතු ඇමති සුවාමිනාතන් පවසයි.

වෙලේසුදා නොහොත් සමන්ත කුමාරගේ සහ සිද්ධික් මොහොමඩ් නමැත්තා විසින් පවත්වාගෙන යනු ලැබූ ගිණුම් පිළිබඳ මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබන පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා බැංකු ගිණුම් 60කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සීගිරියේ කුරුටු ගී වලට හානි කළැයි වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදයශ්‍රී බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ දින සියයක කාලයක් පමණක් බවට ඇතැම් පාර්ශ්ව කියා සිටිය ද එහි කාර්යභාරය දින සියයෙන් අවසන් නොවන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි.19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ලංකා හොස්පිට්ල්ස් හි නවීකරණය කරන ලද නව පිවිසුම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

උතුරේ මාධ්‍යවේදීන්ට සිදුවන මරණ තර්ජන පහරදීම්, හිරිහැර හා බලපෑම් නවතාලීමට කඩිනමින් පියවර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය, මහජන සාමය හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල රිමාන්ඩ් ගත කර සිටින දේශපාලන චූදිතයන් දීර්ඝ කාලීනව රැඳී සිටීමෙන් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්වන බව වාර්තා වේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි මුදල් වංචනික ලෙස යොදවන බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හා ඔහුගේ කලා උපදේශකයා යැයි කියනු ලබන ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වූ සමන් දිසානායක නැමැත්තා විසින් ගීත රචකයෙකු හා සාහිත්‍යකරුවෙකු වන රවී සිරිවර්ධනට සිදුකරන ලද මරණීය තර්ජන කිරිම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් අද(29) අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව සමන් දිසානායක අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, පොලීසිය නියෝග කොට සිටියේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us