රෝසි මහත්මිය, ඔබ එතරම් බංකොළොත්ද ?

Published in පුවත්
Monday, 10 August 2015 16:22
රෝසි සේනානායක මහත්මිය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අලි පැටවෙකු යොදාගෙන තිබුණු ආකාරය පසුගිය දිනකදී දැකගන්නට ලැබිණි.  එය වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත අනුව සත්ව හිංසනයක් ලෙස පෙන්වා දිය හැකිය.  
 
එමෙන් ම පසුගිය කාල සීමාව තුළ අලි ජාවාරම් පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් සමාජගත වූ අතර එජාපය එවකට මෙය නතර කරවීම සඳහා පියවර ගන්නා බවද පවසා සිටියේය. අලි ඇතුන් දැනට ගෘහාශ්‍රිතව පරිහරණය කරන්නේ ඉතාම සීමිත පිරිසකි. ඒද බොහෝවිට තම මහන්තත්වය පෙන්වීම සඳහා මිස වෙනත් වුවමනාවකින් නොවේ. 
 
කාන්තා අයිතීන් පිළිබඳ කතා කරන රෝසි සේනානායක මහත්මිය සතුන්ගේ අයිතීන් නසමින් තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගැනීමට සතුන් යොදා ගැනීම ඉතාමන් කණගාටුදායක සිද්ධියක් ලෙස පරිසර හා ස්වබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.  
 
මැතිවරණ ප්‍රචාරණයකදී විය යුත්තේ ඇස ඇදගැනීම නම් අලියා වෙනුවට රෝසි මහත්මියට තනිවම එම කාර්යය පහසුවෙන් කරගත හැකිය. ඒ ඇය ලංකාව තුළ ආකර්ශනයක් දිනූ කාන්තාවක් හෙයිනි. නමුත් මැතිවරණය අරභයා ජනතාවට දිය යුත්තේ තමන්ගේ රට පිළිබඳ අනාගත දැක්ම සහ වැඩපිළිවෙලය. ඔවුන්ගේ ඡන්දය ගත යුත්තේ එය පිළිබඳව දැනුවත් කරගෙනය. නමුත් දැක්මක් හෝ වැඩපිළිවෙලක් අහිමි අයට නම් වනු ඇත්තේ හුදෙක් ඇස් ඇදගන්නා හෝ අල්ලස් දෙන යමක් කිරීම පමණි. රෝසි මහත්මිය, ඔබ එතරම් බංකොළොත්ද ?
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us