ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා මිට සුළු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනය පවසයි.

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ.

අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටු­ම්පත පිළි­බඳ විවා­දය පෙබ­ර­වාරි මාස­යේදී පැවැ­ත්වී­මෙන් පසුව සම්මත කිරී­මට සැල­සුම් කර ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවන කරන රියදුරන් සෙවීම සඳහා ජංගම රසායනාගාරයක් මේවනවිට ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එළඹෙන 17 වන සෙනසුරාදා ඛනිජ තෙල් බෙදාහැරීම සිදුනොකිරීමට තීරණය කර ඇති බැවින් එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දිනයේදී ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු හඟවයි.

ld add copy

Connet With Us