මධ්‍යසාර භාවිතයෙන් දිනකදි පුද්ගලයින් 50ක් මරුට

Published in පුවත්
Thursday, 15 January 2026 19:40

මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනය පවසයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් පැවසුවේ එම ප්‍රමාණය නීති විරෝධී සහ නීත්‍යානුකූල මධ්‍යසාර දෙකෙහිම එකතුවක් වන බවය.

මෙරට සමස්ත ජනගහනයෙන් 20%කට අඩු ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම නීතිවිරෝධී මධ්‍යසාර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව එය 10%ක අගයක් ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් ද සේරම්,

"අපේ රටේ මධ්‍යසාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත් තාමත් 20%කට අඩු ප්‍රමාණයක් තමයි සමස්ත ජනගහනයෙන් මධ්‍යසාර භාවිත කරන්නේ. එකෙන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනය ගත්තොත් 34.8%ක් මධ්‍යසාර භාවිත කරනවා කාන්තාවන් තාමත් ඉතාම හොඳ තැනක තියෙන්නේ 0‍.5%යි. විශේෂයෙන් මේ කාලයේදී මතුවෙච්ච කාරණයක් තමයි නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ඉතාම ඉහළ ගිහිල්ලා කියන කාරණය. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 10%ක ප්‍රමාණයක් තමයි නීති විරෝධී මධ්‍යසාර භාවිත කරන්නේ. අපි දැක්කා නීතිවිරෝධී මධ්‍යසාර භාවිත කරලා 5-6ක් මිය යනවා. හැබැයි අද දවසේ මිනිස්සු 50ක් මධ්‍යසාර මිනිස්සු මරලා දානවා. ඒක නීත්‍යානුකූල, නීති විරෝධී දෙකම එකතු වෙලා මිනිස්සු 50 දෙනෙක් මරලා දානවා හැබැයි අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us