නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබේ.

පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව හෙට (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අද (15) දින පෙරවරු 11:15 ට පමණ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ සුළගේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දුපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සිය ඉල්ලීමට කන්දෙමින් මෙම මස 18 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමට අගමැතිනි හරිනි අමරසූරිය ගත් තීරණය පිළිබඳව තමන් ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවැසීය.

මේ සති­යේදී බස්නා­හිර පළා­තෙන් පම­ණක් ඩෙංගු රෝගීන් 466 දෙනෙක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු පාලන ඒක­කයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නං­ගර මහතා පවසයි.

රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

පැවති ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ld add copy

Latest News

Connet With Us