රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ටින් 2,447ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය කටයුතු කර තිබේ.

මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද(16) ආරම්භ වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි.

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද(16) පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි ආරම්භ වේ.

කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us