සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීමට විශේෂ වැඩපිලිවෙලක්

Published in පුවත්
Friday, 16 January 2026 12:10

මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සංචාරකයින් නොපැමිණෙන කාලවලදී මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවය.

ඒ අනුව ස්පාඤ්ඤය සහ ඒ ආශ්‍රිත කලාපවල ගිම්හාන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන බැවින් එම වෙළෙඳපොළවල් ඉලක්ක කර ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම සංචාරකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුව ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව දිල්ලිය, මුම්බායි සහ චෙන්නායි යන නගරවල මෙය ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ තුළින් ඉන්දියාවේ සිට ලංකාවට එන සංචාරකයින් විවිධාංගීකරණය කර වැඩි වටිනාකමක් ඇති සංචාරකයින් මෙරටට රැගෙන ඒම අරමුණ වූ බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පමණක් සංචාරකයින් අනූහතර දහසකට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේය,

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us