මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු 2,447ක් විනාශ කරයි

Published in පුවත්
Friday, 16 January 2026 20:06

මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ටින් 2,447ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය කටයුතු කර තිබේ.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව විසින් නිකුත් කළ නියෝගයකට එම අධිකරණයේ අධිකරණය යටතේ විනාශ කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වැනිදා කොස්ගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී ප්‍රමිතියෙන් තොර මෙම ටින් මාළු තොගය අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් වේ.

පාරිභෝගිකයා නොමඟ යවන ලෙස ලේබල් රහිතව හෝ ගලවා ටින් මාළු ගබඩා කිරීම, SLS ප්‍රමිති සහතිකය නොමැති වීම සහ නියමිත බිල්පත් ළඟ තබා නොගැනීම යන චෝදනා මත මෙම වැටලීම සිදු කර ඇත.

ඊට අදාළ නඩුව අද (16) අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී ව්‍යාපාරිකයා විසින් වරද පළිගන්නා ලදී.

ඒ හේතුවෙන් ඔහුට රුපියල් 20,000ක දඩ මුදලක් පැනවූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us