ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000 ක් පමණ මේ වනවිට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මගෙයි මල්ලිගෙයි අතර කිසිම සහෝදරකමක් නැහැ - මනූෂ කියයි
සිය සහෝදරයාට එරෙහිව පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ තමන් විසින්ම බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක් බවත් එසේ නොමැති බව පවසනවා නම් තමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවට අද (10) පාර්ලිමේන්තුවේ දී චාමර සම්පත් පවසා සිටියේය.
2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා තිබේ.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කළාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර පෙන්වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

