ආණ්ඩුවේ හදිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමයි Featured

Published in පුවත්
Tuesday, 13 January 2026 16:41

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව,

1. මානව සම්පත් සංවර්ධනය

2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ

3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු

4. විෂයමාලා සංවර්ධනය

5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ නමුත් ආණ්ඩුව කඩි මුඩියේ ගෙන ආ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව සමාජය තුළ දැඩි විරෝධයක් මතුව තිබු නමුත් ජනාධිපතිවරයා අගමැතිවරිය ප්‍රමුඛ ආණ්ඩුව ඊයේ දිනය වන තුරුත් දැඩිව ප්‍රකාශ කර සිටියේ කවූරු විරුද්ධ වුවත් මෙම ප්‍රතිසංස්කරන සිදු කරන බවයි.

 

Anuruddha Pradeep Karnasuriya මහතා FaceBook පළ කළ සටහනක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් හෝ කල් තැබීම පිළිබඳව ආණ්ඩුවට බෙහෙවින්ම ස්තූතියි.

මහා ජන වරමක් ලැබුණු ආණ්ඩුවක් බලය භාවිත කළ යුත්තේ "කවුරු විරුද්ධ උනත් අපි ඒක කරනවා" යන සිතුවිල්ලෙන් නොව, ව්‍යවසායකයෙකු ධනයත්, කවියෙකු වචනත් භාවිත කරන්නාක් මෙන් අර පරෙස්සමටයි. ඒ නැණ නුවණ තරමක් පමා වී හෝ ලැබීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට අනේක වාරයක් ස්තුතියි.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් ආණ්ඩුව විසින් දැන් ආරම්භ කළ යුතුය. "සාකච්ඡා" යනු තමන් කියන ඕනෑම දේකට හිස වනන්නට සහ අත්පොළසන් දෙන්නට සැදී පැහැදී සිටින "මිතුරන්" සමඟ ප්‍රිය සම්භාෂණයේ යෙදීම නොව, තමන්ට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නන් සමග දුෂ්කර හා තිත්ත නමුත් අවංක සංවාදයකට එළැඹීමය

මගේ අවංක අදහස නම් වඩාත් ආන්දෝලනයට තුඩු දුන් හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ වෙබ් ලිපිනය ජාතික අධ්‍යාපන ආයතනයේ පහළ මට්ටමේ නිලධාරියෙක්ගෙන් සිදු වූ වැරැද්දක් බවය.

නමුත් එමඟින් කියවෙන ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් ඕනෑම මට්ටමේ නිලධාරියෙකු හෝ නිලධාරීන් කණ්ඩායමක් අතින් එබඳු සුළු වැරදිවල සිට සම්පූර්ණ සංකල්පීය වැරදි දක්වා වැරදි සිදුවිය හැකි බවය. මේ සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම යෝජනා කළ නිලධාරීන් වන සුනිල් ජයන්ත නවරත්න හා උපාලි සේදර වැනි අයද අවසාන වශයෙන් අර ජාතික අධ්‍යාපන ආයතනයේ පහළ නිලධාරීන් වැනිම නිලධාරින්ය.

ඔවුන් වැරදි සිදු නොකරන හා වැරදි සිදු නොවන සර්ව බලධාරීන් හෝ සර්වඥයින් නොව හුදු පෘතග්ජනයින්ය. ඔවුන් පරිපූර්ණ විශේෂඥයන් ලෙස වරදවා වටහා ගනිමින්, ඔවුන්ට වැරදි සිදු විය නොහැකිය යන උපකල්පනයක පිහිටමින් ඔවුන් සාදා දෙන ලද ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් කර තබාගෙන යාම ආණ්ඩුවක සෞඛ්‍යයට හිතකර නැත.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ මත දරන්නන්ටද දැන් පැවරෙන විශාල වගකීමක් තිබේ. ඉහතද දක්වා ඇති පරිදිම අර වෙබ් ලිපිනය පිළිබඳ කරුණ මේ ආණ්ඩුව විසින් සිදු කරන ලදමහා කුමන්ත්‍රණයක් ලෙස මම නම් සිතන්නේ නැත. ඒ නිසා එබඳු සුළු දේවල් සමස්ත විවේචනයේම පදනම කර ගනිමින් ගෙනයන ව්‍යාපෘතිවලින් රටට හෝ අධ්‍යාපනයට සිදුවන යහපතක් නැත. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයට එහි විවේචකයන් සහභාගි විය යුත්තේ අධ්‍යාපනයක් ලත් හෙවත් දැන උගත් පිරිසක් ලෙස විනා, සමස්ත සංවාදයම කුණුහරුපයක් බවට පරිවර්තනය වන පරිද්දෙන් නොවේ.

ලංකාවේ ක්‍රියාත්මක වන "නිදහස් තරගකාරී අධ්‍යාපන ක්‍රමය" අපේ ජාතික උරුමයකි. අප රටක් ලෙස ගමන් කළ යුත්තේ එය සුරක්ෂිත වන සහ වඩාත් ශක්තිමත් වන දිශාවකටයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us