අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

Published in පුවත්
Wednesday, 14 January 2026 07:42

අරගලය පැවැති ඉකුත් 2022 වසරේ මැයි නම වැනිදා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේදී විභාග වූ නඩුවේ තීන්දුව අද (14 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඇතුළු තවත් පිරිසක් මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට රැස්වී ආපසු පොළොන්නරුව බලා යන ගමනේදී නිට්ටඹුව නගරයේ විරෝධතාවක නිරත වූ පිරිස් විසින් මෙලෙස පහරදී තිබිණි.

පුද්ගලයන් 41 දෙනකු මෙම නඩුවෙන් චෝදනා ලැබ ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකොට තිබිණ. මෙම පුද්ගලයන්ගෙන් 13 හා 31 වන විත්තිකරුවන් මිය ගොස් ඇති අතර 39 හා 40 විත්තිකරුවන් අධිකරණය මගහැර සිටියදී මෙම නඩු විභාගය පැවැත්විණ.

සහන් මාපා බණ්ඩාර රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 2023 වසරේ සිට මෙම නඩුව විභාග කෙරුණු අතර එහිදී සාක්කිකරුවන් එකසිය අසූ දෙනකුගෙන් සාක්කි ලබා ගැනීම සිදුවිය.

මෙහිදී පොලිස් නිලධාරීන් යුද හමුදා නිලධාරීන් ප්‍රභූවරුන් ග්‍රාමසේවක නිලධාරීන් හා භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් පුද්ගලයන්ගෙන්ද සාක්කි ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන මෙම නඩු විභාගය පැවැත්වීම ද විශේෂත්වයකි.

පුද්ගල සාක්කිවලට අමතරව සීසීටීවී දර්ශන මුහුණු හඳුනාගැනීම ඩී එන් ඒ පරීක්ෂණ වීඩියෝ හා සොකෝ නිලධාරී පරීක්ෂණ මූලික කෙට ගනිමින් එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් සාක්කි විමර්ශනය කෙරිණි.

මනුෂ්‍ය ඝාතනය, වාහනයක් ගිනි තැබීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම, දේපළ කොල්ලකෑම යන චෝදනා මත ඔවුන්ට එරෙහිව මෙම දීර්ඝ නඩු විභාගය පැවැත්විණ.

මෙම සැකකරුවන් අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන සිසුන් දෙදෙනකුද ත්‍රිරෝද රථරියදුරන් නගරයේ වෙළෙඳසල් පවත්වාගෙන යන කීපදෙනකුද සිද්ධිය වූ වෙළෙද ආයතනයේ සේවකයන් දෙදෙනකුද ඇතුළු නිට්ටඹුව හා ඒ අවට ප්‍රදේශයේ පුද්ගලයන් චෝදනා ලැබ සිටිති. මෙහිදී තුන්වන විත්තිකරු නඩු විභාගයක් දිනයකදී අධිකරණය මගහැරීමේ චෝදනා මත නඩු විභාගය අවසන් වන තුරුම රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි චමින්ද අතුකෝරළ ලාල් කුමාරපේලි සිරාණි දිසානායක සුරංග ගුණතිලක යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්. ජනක බණ්ඩාර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ. ඔස්වල්ඩ් පෙරේරා රජයේ අධි නීතිඥ අරින්ද්‍ර ජයසිංහ යන මහත්වරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us