අද වහින පළාත්

Published in පුවත්
Tuesday, 07 January 2025 08:52

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාධයක් සහ කැළඹීමක් හටගෙන තිබේ.

ජාත්‍යන්තර වැඩසටහන්, ප්‍රවෘත්ති හා විශේෂාංග වැඩසටහන් වල සුපිරි අත්දැකීමක් දේශීය ප්‍රේක්ෂකාගාරයට එක් කිරීමේ හා ගෝලීය ප්‍රවණතා පිළිබඳව දේශීය ප්‍රේක්ෂකයා බද්ධ කිරීමට මෙරට ඉතා කෙටි කලෙකින් විශාල ප්‍රේක්ෂක අවධානය දිනාගත් සුප්‍රීම් රූපවාහිනි නාලිකාව 2025 ජනවාරි මස සිට චැනල් නිවුස් ඒශියා (CNA ) මාධ්‍ය ජාලය සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන අතර එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගිය දා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවාත කළ මොහොතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය හිතාමතාම රුහුණු මහා කතරගම දේවාලයට අපහාස කිරීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් යැයි තමා විශ්වාස නොකරන බව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා තිසර නානායක්කාර ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.

පසුගිය වසරේ (2024) මුල් මාස 10 තුළ පිරිපහදු නොකළ තෙල්, පොල්තෙල් නමින් ආනයනය කර රට පුරා අලෙවි කිරීමෙන් රජයට රුපියල් බිලියන 05ක හෙවත් කෝටි 5000ක බදු ආදායමක් අහිමිකර ඇති බවත්, එම මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

ld add copy

Connet With Us