පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published in පුවත්
Sunday, 04 January 2026 19:21

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර ඇත.

මේ පනත "පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත" යනුවෙන් හඳුන්වයි.

ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

සැක දුරු කිරීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ ඉහත සඳහන් විධි විධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බවට මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us