එම වසරේදී ඩෙංගු උණ වැලඳී රෝගීන් පනස් එක්දහස් හාරසිය තිස් අට දෙනකු (51,438) රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද ඇය සඳහන් කළාය.
මෙම වසරේ ගෙවී ගිය දින තුනට පමණක් ඩෙංගු රෝගීන් හත්සිය අනූතුන් දෙනකු (793) මෙරටින් හමු වී ඇති අතර ඉන් 50කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
‘දිට්වා’ සුළු කුණාටුවෙන් පසුව ඩෙංගු උණ රෝගීන්ගේ යම් වැඩිවීමක් සිදුවී තිබේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් එහි යම් කිසි බලපෑමක් සිදුවීමේ අවදානමක් තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියාය.
මෙම සංඛ්‍යා දත්ත පිරික්සීමේදී බස්නාහිර පළාතේ ඩෙංගු පැතිරීම සෙසු පළාත්වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.

