සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ නිල වෙබ් අඩවිය (ISTRM) එළිදැක්වෙයි
සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනතාව පීඩාවට පත්කරමින් වැඩවර්ජන , උද්ඝෝෂණය සිදුකිරීම නිසා ජනතාව වෘත්තීය සමිති සමග තරහින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.
අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.
ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
පොහොට්ටුවේ ප්‍රමිත සහ ශෙහාන්ගේ සහායත් ජනපති රනිල්ට බව කියයි
අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව එක්ස් පණිවුඩ නිකුත් කරමින් සදහන් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතාම තීරණාත්මක අවස්ථාවේ රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේ දී සහාය පළ කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරුමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කර සිටියි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකි වු බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපතිවරයාගේ පැහිදිලි හා තීරණාත්මක නායකත්වය ජාතික ස්ථාවරත්වය වර්ධනය කිරීමට හේතු වු බව පෙන්වා දෙයි.
එවැනි අභියෝගාත්මක කාලයක් නැවත පැමිණීම වැළැක්වීමට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය දැක්විම අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර .
පොහොට්ටුවේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සහායත් රනිල්ට
එළැඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.
මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් 2024 ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද (30) ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.