සජබයයි එජාපයයි එකතු වීම අනිවාර්යයි -පා.ම රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර

Published in පුවත්
Friday, 02 January 2026 09:04

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙන බව සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා පව­සයි.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැ­සීය. “එක්සත් ජාතික පක්ෂ­යත් සමගි ජන බල­වේ­ග­යත් එකතු විය යුතුයි යන මතයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂි­ක­යන් සහ සමගි ජන බල­වේ­ගයේ පාක්ෂි­ක­යන් සිටි­නවා. සජිත් ප්‍රේම­දාස මහතා ඒ සඳහා වන සාක­ච්ඡා­වල වග­කීම ගෙන තිබෙ­නවා.

ඒ සාකච්ඡා ඉදි­රි­යට ගමන් කර­නවා. ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙ­නවා. සුදුසු වේලා­වේදී පක්ෂ දෙක එකතු වීම සිදු වෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතු වෙලා සන්ධා­න­යක් ලෙස කට­යුතු කර­න්නත් පුළු­වන්. ඒ වගේම නායකත්වයට වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට.

ඒ වගේම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන පරි­ණ­ත­භා­ව­ය­ටත් වටි­නා­ක­මක් දිය යුතුයි. කෙසේ නමුත් සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැති­ව­ර­ණ­යේදී වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් සමගි ජන බල­වේ­ග­යට සහ එක්සත් ජාතික පක්ෂ­යට ගැනී­මට හැකි වෙනවා. මේ වසර තීර­ණා­ත්මත වස­රක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලා­ගැ­නී­මට පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන ලෙස සමගි ජන බල­වේ­ගය ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා. පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න නීති­යෙන් බාධා­වක් තිබෙ­නවා නම්, ඒ සඳහා ආණ්ඩු­වට අවශ්‍ය සහාය ලබා­දෙන්න සමගි ජන බල­වේ­ගය සූදා­නම්. වංචා, දූෂණ පනත ගෙන ඒමට කට­යුතු කළෙත් යහ­පා­ලන රජය. ඒ වගේම රටේ වංච­නි­ක­යන් දූෂි­ත­යන් නීතිය හමු­වට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියා­මා­ර්ග­ව­ලට සමගි ජන බල­වේ­ගය රජ­යට උප­රිම සහාය ලබා­දෙ­නවා. ඒ වගේම දූෂණ, වංචා චෝදනා සඳහා විශේෂ අධි­ක­ර­ණ­යක් ආණ්ඩුව පිහි­ටු­විය යුතුයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us