බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි.

පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එළ­ඹෙන දීර්ඝ සති අන්තය ආරම්භ කෙරෙන අද (17) සිට ලබන 20 වැනි දිනට යෙදී ඇති දීප­ාවලී උත්ස­වය වෙනු­වෙන් විශේෂ බස් සේවා­වක් යොදවා ඇතැයි ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව පව­සයි.

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක ​ෙනාවීම හේතුවෙන් බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත.

ෂැෂේ ඇසුරුම්වල යොදා පොල් තෙල් අලෙවි කිරීම සම්බන්ධව පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇතැයි එහි සැකසුම් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නන්දන කනුගල පැවසීය.

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us