එක්සත් ජනපදයේ 2026 Diversity Visa වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ඇරඹී තිබේ.
වසංගතයෙන් මිය යන ඌරු මළකුණු මුතුරාජවෙල රක්ෂිතයට බැහැර කල අය සොයා විමර්ශන
මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මියයන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට වලට බැහැර කළ පුද්ගලයන් සොයා පොලිස් ස්ථාන කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා.
බැදුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහගේ කිසිම සම්බන්ධයක් නැති බව ඔප්පු වෙලා ඉවරයි -ධනුෂ්ක රාමනායක
බැදුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම වංචාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි තහවුරු කරමින් නිදහස් කර ඇති බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.
මෙරට සිදු වූ ආන්දෝලාත්මක අපරාධ විමර්ශන වල ප්‍රගතිය ගැන පරීක්ෂණ
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
අද (4) උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.