හක්ගල උද්‍යානය නැවතත් සංචාරකයන් සඳහා විවෘතයි

Published in පුවත්
Thursday, 25 December 2025 20:12

හක්ගල ජාතික උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ.

ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලවය.

උද්‍යානයේ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන අනතුරුදායක බව දක්වන පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා ඇත.

ඒ අනුව පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ගය මෙසේ අනතුරුදායක බවට නම් කර තිබේ.

එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා තිබූ හක්ගල උද්භිත උද්‍යානය කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පසුගිය 12වනදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා හක්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකට ද සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us