ඔහු ඒ බව පවසා ඇත්තේ ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෙරේදා (24 වැනිදා) පැවැති සාකච්ඡාවකදීය. මෙම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් ලබාදෙන ඖෂධ තත්ත්ව පරීක්ෂණ වාර්තා පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැන නගින ගැටලු මෙන්ම අධීක්ෂණය කළ යුතු කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.
මෙම විශේෂ සාකච්ඡාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස කියා සිටියේ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු මෙන්ම ඉහත සඳහන් කළ රසායනාගාර මගින් කඩිනමින් හා විධිමත්ව මෙම ඖෂධ පරීක්ෂාවට ලක්කරන ලෙසයි.
ඖෂධ සැපයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි ප්‍රශ්න සහගත ඖෂධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ද කරන ලෙස ඇමැතිවරයා උපදෙස් දී තිබේ. මෙම පරීක්ෂණ රසායනාගාරවලින් අදාළ තත්ත්ව පරීක්ෂණ කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2023 වසරේදී ගිවිසුම් අත්සන් කළද එම ක්‍රියාවලිය සිදුනොවූ බවද මෙහිදී අනාවරණය විය. ඊට හේතු වී ඇත්තේ අධිකාරියේ එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින් සේමගේ විසින් එම සාම්පල මෙම රසායනාගාරවලට යොමු නොකිරීම බව පැවසේ.
මේ අතර ඉකුත් වසර දහයකට අධික කාලයක් මුළුල්ලේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සතු රසායනාගාරයට අවශ්‍ය ඖෂධ විශ්ලේෂකයන් බඳවා නොගැනීම හේතුවෙන් ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහිත ඖෂධ මෙරටට ලැබුණු බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ‘අරුණ’ට පැවැසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් රසායනාගාරයේ ඖෂධ පරීක්ෂණ කටයුතු සඳහා ඖෂධ විශ්ලේෂකයන් 45ක් සිටිය යුතු බවද ඉකුත් වසර 10ක කාලය පුරා සිටියේ විශ්ලේෂකයන් එකළොස්දෙනකු පමණක් යැයිද ඔහු හෙළි කළේය. තවද මෙය වසර 30ක් පැරණි රසායනාගාරයකි.
ඖෂධ මාෆියාවේ බලපෑම් හෝ වෙනත් හේතූන් මත රසායානාගාරයට අත්‍යවශ්‍ය ඖෂධ විශ්ලේෂකයන් බඳවා ගැනීම් පිළිබඳව කිසිදු රජයක් උනන්දු නොවූ බවත් එම තීරණය ගත යුත්තේ පාලකයන් විසින් බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ඉකුත් වසරේ දී ගත් තීරණයන්ට අනුව මේ වන විට රසායනාගාරයට අවශ්‍ය ඖෂධ විශ්ලේෂකයන් බඳවාගත් බවත් ඒ අනුව මෙරටට ගෙන්වන ඖෂධ පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය

