ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇත.

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබෙන බව වාර්තා වනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අ‌බේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ld add copy

Connet With Us