නිවාස අහිමි වූ පවුල් වලට රු.ලක්ෂ 50ක දීමනාව 10 වෙනිදට පෙර

Published in පුවත්
Saturday, 03 January 2026 20:20

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

එමෙන්ම ආපදාවෙන් මාසයක් ගතවීමට පෙර කැඩී බිදී ගිය පාරවල්වලින් 99%ක ප්‍රමාණයක් සාදා නිම කිරීමට සිය ආණ්ඩුවට හැකි වූ බවද එහිදී ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගත වීමට ප්‍රථම තමන්ගේම නිවසක් සාදා ගැනීමට උදව් කිරීම ‍රජයේ අරමුණ වන බව‍ය.

කෙසේවෙතත්, ගංවතුරට හසුවූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් පෙන්වා දෙන්නේ මෙතෙක් තමන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි මුදල් නිසි ලෙස ලැබී නැති බවය.

පසුගිය ආපදාවේදී මහමන්කඩවල වැව පිටාර ගැලීම හේතුවෙන් ගංවතුරට හසුවූ තම නිවාස වෙනුවෙන් මෙතෙක් රුපියල් 25,000 වන්දිය හෝ නොලැබුණු බවට මහමන්කඩවල ගම්මානයේ ජනතාව චෝදනා කළහ.

ගංවතුර හේතුවෙන් එහි නිවාස 150කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවිය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us