රක්ෂණ සමාගම් මගින් ප්‍රතික්ෂේප කර ඇති අදාළ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අංශය මගින් එකින් එක පරීක්ෂා කරගෙන යන බව එම කොමිසමේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් පැවසීය.
ඇතැම් ප්‍රදේශවල රථවාහන රක්ෂණ වන්දි ගෙවීම්වල යම් ප්‍රමාදයක් සිදුව ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ රථවාහනවලට සිදුව ඇති හානියට අදාළ ඇස්තමේන්තු ලබාගැනීමේ ප්‍රමාදයන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් විනාශ වූ නිවාස, කර්මාන්තශාලා, රථවාහන ආදියට අදාළව රක්ෂණ වන්දි ගෙවීම් සියයට හැත්තෑවක් (70%) පමණ සාර්ථකව සිදුව ඇති අතර රක්ෂණ ඔප්පු පිළිබඳ පවතින අඩුපාඩු සහ අදාළ වාරික නිසි පරිදි ගෙවා නොමැති සිද්ධීන් පිළිබඳවද කොමිසම වෙත පැමිණිලි ලැබී ඇත.
මේ වනවිට රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා ඉල්ලුම්පත් දාහත් දහසකට (17,000) අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර ගැටලු සහගත රක්ෂණ ගෙවීම් 790 පිළිබඳව එකින් එක ගෙන විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කළේය.

