මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවන කරන රියදුරන් සෙවීමට අලුත් වැඩක්

Published in පුවත්
Wednesday, 14 January 2026 10:27

මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවන කරන රියදුරන් සෙවීම සඳහා ජංගම රසායනාගාරයක් මේවනවිට ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සහ බීමත් රියදුරන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරයි.

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නඩු 7,000කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ සේනාධීර මහතා පවසයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා,

"කෙනෙකුට බොන්න ඕනිනම් ඒක එයාගෙ අයිතියක් අපි බොන්න එපා කියන්නේ නෑ. බොනවනම් විශේෂයෙන් තමන් බොන්නෙ නැති කෙනෙක් අරන් යන්න. එහෙම නැත්තන් වෙන මොකක් හරි ටැක්සි සේවාවක් පාවිච්චි කරන්න. නැත්නම් බීලා ගහින් වෙන රියදුරෙක් භාවිතා කරන්න. අපි පැහැදිලිවම උපදෙස් දුන්නා. ගිය වසරේ ගත්තොත් 31%ක් මාර්ග රිය අනතුරුවලින් මිය ගිහින් තියෙන්නේ පදිකයෝ. යතුරුපැදිකරුවෝ 31% පසුපැදිකරුවෝ 7%ක් හෝ 8%ක් වෙන්න පුළුවන්.

මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න, දැන් අපි කට්ටල ප්‍රමාණයකට අනුමැතිය අරන් තියෙනවා. ඒකට මේ දවස්වල අපි බලාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය පරීක්ෂා කරගෙන යනවා. ඊට අමතරව ජාතික වෛද්‍ය ආයතනය දැන් මොබයිල් ලැබ් එකක් තියෙනවා. ඒක මත්ද්‍රව්‍ය හතරකට ටෙස්ට් කරනවා. හෙරොයින්, ගංජා, බාබුල් , අයිස් ඒකට අපි දැන් ඒ ඒ වෛද්‍ය ජංගම රථයත් සම්බන්ධ කරගෙන මෙහෙයුම් කරන්න පටන් අරන් තියෙනවා. ඒ්ක නිසා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ බීමත් රියදුරන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us