එම සංගමය පෙන්වා දෙන්නේ එළඹෙන 17 වැනි සෙනසුරාදා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වසා තබන බැවින් සති අන්තය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් 16 වැනිදා වන විටම ඉදිරිපත් කරන ලෙස ඛනිජ තෙල් ප්‍රාදේශීය කළමනාකරුවන් දන්වා තිබෙන බවය.
මේ බව සඳහන් කරමින් සියලුම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට පණිවුඩ එවා තිබෙන බවත් අත්පිට මුදලට හෝ චෙක් පහසුකම් මත ගෙවීම් කටයුතු සිදුකළ නොහැකි බවත් එහි සඳහන්ව තිබෙන බවත් බෙදුම්කරුවන් පවසයි.
සෙනසුරාදා දිනයේ මෙම ආයතනය වසා තබන්නේ සේවකයන්ට ගෙවනු ලබන අතිකාල දීමනා නතර කිරීමේ අරමුණින් බවත් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
දින කිහිපයකට ඉන්ධන ලබාගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට කිසිදු බෙදුම්කරුවකුට හැකියාවක් නොමැති බැවින් සති අන්තය සඳහා ඉන්ධන ඇණවුම් කිරීමක් පෙර සිට සිදු කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් ඉදිරි සති අන්තයේ දෑඩි ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ගේ අලෙවිකරුවන් වෙත ගෙවන ලබන වට්ටම් මුදලද සොච්චමක් කර ඇති මේ අවස්ථාවේ මුදල් ගෙවා දින තුනකට අවශ්‍ය ඉන්ධන මිලයට ගැනීමට බොහෝ පිරවුම්හල් හිමියන්ට හැකියාවක් නොමැති බවත් එම සංගමය පවසයි.
මේ හේතුවෙන් අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව බවත් එහි වගකීම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත යුතු බව මෙම සංගමය වැඩිදුරටත් පැවැසුවේය.

