විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙවර මැයි දිනය මහත් ඉහළින් පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ කටයුතු කරගෙන යන නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මැයි දින රැලිය පැවැත්වීමට තවමත් පිට්‌ටනියක්‌ ලැබී නැතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් එස්‌. එච්. ආරියසේන මහතා පැවැසීය.

තම අධිකාරියට අවශ්‍ය බලය දුන්නොත් මාස හයක් ඇතුළත මත්කුඩු ජාවාරම අතුළු මත්ජාවාරම නිමාකරන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති නිලංග අමරසිංහ මහතා පැවැසීය.

යුද්ධයට අදාළ වගවීම සහ ප්‍රතිසංධානය යන කාරණා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා තමා මුණ ගැසුණු අවස්ථාවේදී සාකච්ඡා කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කරයි.

යුධ සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම යන චෝදනා මත නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නාවික සහයෝගීතාවය පිළිබඳවද එකඟතාවයකට දෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

අරලිය ගහ මන්දිරයේ ගාලු පාරට මුහුණලා තිබු මායිම ආවරණය වන පරිදි අතුරා තිබු මල් පෝච්චි 45,000ක් අද දින ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මල් පොච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යනයට බාර දීම සිදු කළේය. පසු ගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උත්සවයට සමගාමීව මෙම මල් පෝච්චි ආවරණය සකස් කරීමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයවූ බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us