පාරිභෝගිකයා සුරකින්න පාරිභෝගික අධිකාරියට වැඩි බලතල Featured

Published in පුවත්
Tuesday, 16 October 2018 13:08

සමස්ත පාරිභෝගික ජනතාවම සුරක්‍ෂිත කිරීම රජයේ වගකීමක් වන බවත්, එම නිසාම පාරිභෝගික ආරක්‍ෂාව වඩ වඩාත් සවිමත් කිරීමට අවශ්‍ය බලතල පාරිභෝගික අධිකාරියට ලබා දීම සඳහා පාරිභෝගික ආරක්‍ෂණ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අමාත්‍යාංශයේදී පැවැති පාරිභෝගික කටයුතු පිළිබඳ බලධාරීන්ගේ සාකච්ඡාවේදීය.

මෙහිදී වැඩිදරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමේ දී, පාරිභෝගික කටයුතු අධිකාරියට අවශ්‍ය බලතලවල පවතින අඩුපාඩු ඉමහත් බාධාවක් වී තිබෙනවා. එම නිසා කූට වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහාත් ව්‍යාපාරික ප්‍රජාව යහපත් හා ගුණවත් ව්‍යපාරික සේවාවන් සඳහා පෙළඹවීමටත් අවශ්‍ය වන නෛතික බලතල , පාරිභෝගික ආරක්‍ෂණ පනතට ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා පනත බලවත් කිරීමට අවශ්‍ය සංශෝධන මේ වන විටත් අප සකස් කර තිබෙනවා. එකී සංශෝධන ආශ්‍රිත නෛතික කටයුතු අවසන් කිරීම කඩිනමින් ඉටු කරන ලෙස මම පාරිභෝගික කටයුතු අධිකාරියට දන්වා සිටිනවා."

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ අධ්‍යක්‍ෂ ඉන්දිකා රණතුංග, පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ෆවුෂර් ෂෙරිෆ්ඩින් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us