ආර්ථිකය ඔන්න ඔහේ මොකක් හරි වෙලා.., ආණ්ඩුව පෙරැළීම Featured

Published in පුවත්
Saturday, 13 October 2018 14:47

වසර දහයකට ආසන්න කාලයක් ජනාධිපතිධුරයද රටේ ආර්ථික මර්මස්ථාන සියල්ලද පාලනය කළ රාජපක්ෂලා පසුගිය දින කිහිපයේදී පැවැත් වූ මාධ්‍ය හමු කිහිපයකදීම රට ආර්ථික අර්බුධයක ගිලි ඇති බව පැවැසීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. 

විවිධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඒ බව සනාත කරන්නටද වෙහෙස වූයේය. නමුත් කිසිදු විටෙක පවතිනවාය කියන ආර්ථික අර්බුධයට විසඳුම් ඉදිරිපත් කරන්නට මේ අය සමත් වූයේ නැත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ පාලන සමය තුලදී මුදල් ඇමැතිධුරයද හෙබවූ අතර ඔහු කැඳවූ මාධ්‍ය හමුවේදීද අර්බුදයට විසඳුම් හෝ යළි බලය ලබා ගැනීමෙන් පසුව ක්‍රියාත්මක කරන ආර්ථික වඩපිළිවෙල හෝ කියනට අසමත් විය. ඊයේ ඔහුගේ පුත්‍ර රත්නයද මාධ්‍ය හමුවක් කැඳවා රටේ ආර්ථිකය ගැන දෙස් දෙවොල් තැබූ නමුත් මාධ්‍ය වේදීන් හමුවේ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නට අසමත් විය. එය බන්දුල ගුණවර්ධනගෙන අසා ගන්න ලෙස පවසා එය තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය යැයි කියන්නට තරම් බංකොලොත් විය. 

ආර්ථික ඔස්තාර් බන්දුල ගුණවර්ධන

මෙහි වැදගත්ම කතාව නම් රාජපක්ෂලාට දැන් ඉතුරු වී සිටින ආර්ථික ඔස්තාර්වරයා බන්දුල ගුණවර්ධන පමණක් බව නාමල්ට පිළිගන්නට සිදු වීමය.

මහින්දගේ කාලයේ හතර දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 2500 කින් කාල බීලා සිටිය හැකි බව සංඛ්‍යා ලේඛන අරගෙන ඔප්පු කළේ මේ ඔස්තාර්ය. පසුගිය වසර දෙක තුන තුලදී රටේ ආර්ථික අර්බුධයක් ඇති බව කියන ගොස් දිගින් දිගටම ඇණ ගත්තේද මේ ඔස්තාර්ය.

ඒ අනුව කවර රාජපක්ෂවරයකු හෝ නොවේවා හෝ ඒ කල්ලියේ පාලනයකදී රටේ ආර්ථිකයට සිද්ධ වීමට නියමිත දෑ ගැන දැන්ම සිතා ගත හැක. එදා රජපක්ෂ සමයේදී රජපක්ෂලා ගනන් හැදුවේ තමන්ගේ පවුලට වැඩිම කොටහා එන්නෙ කොහොමද කියන එක ගැන පළමුව කල්පනා කරය. ඔවුන් දැන් සිටි ආර්ථික විද්‍යාව එය පමණය. අදත් රට දැවැන්ත ණය උගුලක සිරවී තිබෙන්නෙ ඒ නිසාය. රටේ ජනතාව යම් තරමකට හෝ ආර්ථික පීඩනයකට ගොදුරුව තිබෙන්නේ ඒ නිසාය.

බර සැහැල්ලු කිරීම

මේ එක්ක තව කිව යුතු දෙයක් නම් එදා රාජපක්ෂ සමයේදී රටේ ජනතාව මුහුණ පා සිටි ආර්ථික පීඩනය අද බොහෝ දුරට අඩු කර ඇති බවය. එදා ජීවන වියදමට වඩා අද එය අඩුවී තිබේ. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ වැ‍ටුප් තල වැඩි වී තිබේ. රාජ්‍ය සේවක වැ‍ටුප රු 10,000 කින් වැඩි කළේ වර්තමාන රජයයි. එසේම යළිත් වැ‍ටුප් වැඩි කිරීමක් වෙනුවෙන් සාකච්ඡාවක් ඇරබී තිබේ. ඊටත් අමතරව අඩු ආදායම් ලාබීන් යම් තරමකට බදු බරින් නිදහස් කර තිබේ. ඖෂධ විශාල ප්‍රමාණයක මිල අඩු කර තිබේ. රජයේ රෝහල වල ඖෂධ හිඟය පියවා තිබේ. සුරක්ෂා වැනි රක්ෂණ ආවරණ නිසා සිසුදරුවන්ගේ රෝග පීඩා සම්බන්ධයෙන් මාපියන් පිට පැටවුණු බර සැහැල්ලු කර තිබේ. මෙයාකරයෙන් පොදු ජනතාවට පීඩාකාරීව බලපාන කරුණු කාරන රැසකට විසඳුම් ලබා දි තිබේ. ගම්පෙරළිය, ගම් උදාව, ග්‍රාම ශක්ති එන්ටප්‍රයිස ශ්‍රී ලංකා ,වැනි සංවර්ධන ව්‍යාපෘති හරහා ග්‍රාමීය දිලිඳුභාවය තුරන් කිරීමට පියවර ගෙන තිබේ. ගම්පෙරළිය වැඩ සටහනින් පසුගිය මාස කිහිපයට සංවර්ධන ව්‍යාපෘති 33,000 ක් ආරම්බ කර තිබේ. ගොවි ජනතාව වෙනුවෙන් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති දහස් ගනනක් සිදු කෙරෙමින් තිබේ. ඒ අතරම විදේශ ආයෝජන ගනනාවක් ක්‍රියාත්මකව තිබේ. ඉදිරි කාලය තුලදී දැවැන්ත ව්‍යාපෘති ගනනාවක් මෙරටට ලැබීමටද නියමිතය. පාසල් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනයට ලබා දී ඇති ප්‍රමුඛ තාවය අනුව ඉදිරියේදි නිශ්පාදන හා සේවා ආර්ථික අංශයන් ගේ විශාල දියුණුවක් අත් පත් කර ගත හැකි වීමේ විශාල ඉඩක් පවතී.

කුහක කමින් තොරව කතා කරනෙ නම් මේ වත්මන් පාලනය විසින් රටට අත්පත් කර දී ඇති ජයග්‍රහණයන් පිළිගත යුතුය. රාජපක්ෂ සමයේදී මෙන් ලයිට් කනුවක් පාලමක් බෝක්කුවක් ගානේ කටවුට් බැනර් පොස්ටර් ප්‍රදර්ශනය නොකෙරුවාට රාජ්‍ය මාධ්‍ය වල උදේ සිට රෑවෙන තුරු පාලකයනගේ ගුණ නොවැයුවද රටේ සංවර්ධනය පැත්තේ පිමි ගනනවාක් ඉදිරියට පැන තිබේ.

දේශපාලකයන හිතුවක්කාරකම්

ලෝක ආර්ථිකයේහි පැනනැඟී තිබෙන අයහපත් තත්වයන් හමුවේ පවා රට ණය උගුලෙන් ගලවා ගැනීමටත් රටේ ජනතාවට අවම පීඩාවක් වන පරිදි එය කලමනාකරනය කර ගැනිමටත් අද ආණ්ඩුව සමත්ව තිබේ. දූෂණ වංචා නාස්තිකාර වියදම් නොවීමටත් ඒවා සිදුවන්නෙ නම් ඒවා වැලැක්වීමටත් ඊට නීතිය ප්‍රකාරව දඬුවම් දීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. නීතියේ යහපාලනය මේ සමයේදී තරම් කවර කාලයකවත් පැවැතුනේ නැත. එය පිලිගත යුතු සත්‍යකි. දේශපාලකයන්ගේ හිතුවක්කාරකම් වලට වෙනෙදා මෙන් ඉඩක් නැත. පසුගිය කාලවල ලබා ඇති අත් දැකීම් අනුව වර්තමානයේ ආණ්ඩුපාක්ෂික දේශපාලකයා සිල්ගත් උපාසකයන්ගේ තත්වයට ඇද දමා තිබේ. ඊට බලකර තිබේ. තවමත් පිස්සු කෙලිමින් රට රවටමින් , කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන්නේ රාජපක්ෂලාම බවද පැහැදිලිය.

අමු මැටි මෝලෙක්

රටක යහපාලනය ක්‍රියාත්මක වන විට ඒ අනුව දේශපාලනය කළ යුත්තේ කෙසේද කියා රාජපක්ෂලා පාඩම් ඉගෙන ගෙන නැත. බොරුවෙන් වංචාවෙන් කුමන්ත්‍රණයෙන් බලය ඩැහැ ගැනීමට උත්සහ ගන්නෙ ඒ නිසාය. රාජපක්ෂලා ජනතාව හමුවේ දිනෙන් දින ජෝකර්ලා බවට පත් වෙමින් තිබෙන්නේ මේ නොදන්නා කම නිසා කරන පිස්සු කෙලීම් නිසාය.

මෙහෙව් රාජපක්ෂලා සමඟ භාරකාර ආණ්ඩු හදන්න කතා කරන එකා පමණක් නොව හිතන එකාද අමු මැටි මෝලෙකු බව හිතේ කහටක නැතුව ප්‍රසිද්ධියේ පැවසිය හැකි සත්‍යයකි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයින් හෝ ඔහුගේ උපදේශකයන් කියන මෝඩ ගොබිලන් භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරය වෙනුවෙන් බව තවත් පැහැදිලි කළ යුතු නැත. ජනාධිපතිවරයාට රෙද්දක් ඇඳගෙන එවැනි මරි මෝඩ තීරණය වලට එළබිය නොහැක.

කොහොම නමුත් භාරකාර ආණ්ඩු ගැන කතන්දරය රට අස්ථාවර කිරීමෙ කුමන්ත්‍රණකාරී මාධ්‍ය මෙහෙයුමක් විය හැකි බව කල්පනා කිරීමටද හැකිය. මන්ද මේ කතන්දර නිසා රට ජාත්‍යන්තර වශයෙන් පීඩනයකට ලක්වීමත් විදේශ ආයෝජකයන්ගේ පැමිණිම සිදු නොවීමත් ආදි දේ නිසා රටේ ආර්ථිකයට පීඩනයක් ගෙන දිය හැකිය. රාජපක්ෂලාට අවශ්‍ය තිබෙන එක් අරමුණක් එය බව පැහැදිලිය. රටේ ආර්ථිකය අර්බුදයට යන විට පීඩාවට පත් වන්නේ පොදු මහජනතාවයි. ජනතාව බඩ ගින්නේ තබා යන එනමං නැතිකර එම පිඩාව ආණ්ඩුවට එරෙහි බලයක් ලෙස යොදා ගැනීම රාජපක්ෂලාගේ මජර උත්සාහය බවත් පැහැදිලිය.

රටකට ජනතාවකට අවංකව සේවය කිරීමට කැමැති කවර දේශපාලකයකුත් මෙවැනි කැත නින්දිත පිලිකුල් ක්‍රියා මාර්ගවලට අවතීරණය වන්නෙ නැත. එහෙත් රාජපක්ෂලා එසේය. ජනතාව එකා පිට එකා මළත් ඔවුන්ට කමක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලයයි. ඒ ඔවුන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් පමණය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us