පූනාගල වතුයායේ තැනූ නව ගම්මානය ජනතා අයිතියට Featured

Published in පුවත්
Monday, 15 October 2018 20:40

පසුගිය රජය වතු සමාගම් වලට යට වී ක්‍රියා කළත් යහපාලන රජය වතුසමාගම් වලට යටවී ක්‍රියා නොකරන නිසා අද වතු ජනතාවට තමන්ගේම නිවසක පදිංචි වි විමට හැකි වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගිය (13දා) ට යෙදී තිබු ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනය අවස්ථාවේ බදුල්ල පූනාගල වතුයායේ ඉදි කළ ඉලන්ජෙලියන්පුරම් නව ගම්මානය ජනතා අයිතියට පත් කළ අවස්ථාවට එක් වෙමිනිpuna2

මෙම උත්සවය කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

බදුල්ල පූනාගල වතුයායේ අම්පිටි කන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් යුතු නව ගම්මානයක් මෙලෙස විවෘත කෙරිනි.

එක් නිවාසයකට රුපියල් ලක්ෂ 10 බැලින් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් රජය මේ සදහා වැය කර ඇත.

මෙහිදී අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

puna12014 වසරේ ඔක්තෝබර් මස 26 දින කොස්ලන්ද මීරීයබැද්ද ප්‍රදේශයේ නායයාමක් සිදු වුනා. අවතැන් වූ පවුල් 75 කට අපේ රජය යටතේ නිවාස හදා දුන්නා. නාය යාමට ආසන්න තවත් ස්ථානයක පවුල් 157 කට තමයි මෙම නිවාස සංකීර්ණය ඉදි කළේ. වැය කළ මුදල රුපියල් කෝට් 15 ක්. ජලය විදුලිය ලබාදීමට රුපියල් ලක්ෂ 170 ක් වැය කර තිබෙනවා. පලනි තිගාම්බරම් මහතා 2015 වසරේ නව රජය කිරීමට විශාල සේවාවක් සිදු කළා. වතුකරයේ නිවාස ඉදිකිරිම පිළිබද පස් අවුරුදු ජාතික සැළැස්මක් ඉදිරිපත් කළා. වතු කම්කරුවන්ට පර්චස් 7 ක ඉඩමක් ලබාදීම සදහා මම ඉඩම් අමාත්‍යවරයාව සිටි කාලයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් පසුගිය රජය සමයේ වතු සමාගම් වල බලපෑම් මත එය ඉටු කිරීමට නොහැකි වුනා. නමුත් පලනි තිගාම්බරම් අමාත්‍යවරයා එය ඉටු කළා. පවුල් එක්ලක්ෂ හැත්තෑස් දෙදහස් හත්සීයයක් ලැයිම් කාමරවල ජීවත් වෙනවා. මේ වන විට නිවාස 5000 ක් පමණ ඉදිකර වතු කම්කරුවන්ට ලබාදී තිබෙනවා. ඉදිරි කාලයේ දී තවත් නිවාස ඉදිකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එම නිවාස ඉදි කළ පසු පලනි තිගාම්බරම් අමාත්‍යවරයාගේ නම වතු කම්කරුවන්ගේ හෘද වස්තුවේ ලියවෙනවා. ඉන්දීය රජය සමග ඒකාබද්ධව තවත් නිවාස ඉදිකිරිමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඉඩමක අයිතිය වතු කම්කරුවන්ට ලබාදීම ඉතාම වැදගත්. පසුගිය වසරේ සිට තමයි එම ඉඩම් අයිතිය වතු ජනතාවට හිමි වුනේ. ලැයිම් කාමර අලුත්වැඩියා කිරීම සදහා රුපියල් ලක්ෂ 1800 ක් වෙන් කර තිබෙනවා. ළමා සංවර්ධන මධ්‍යස්ථාන, ක්‍රීඩා පිටි, පානීය ජල ව්‍යාපෘති වතුකරය පුරා ක්‍රියාත්මක කිරීම සදහා මුදල් වෙන් කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. වතු කම්කරුවන්ගෙන් සියයට 20 කට වැඩි පිරිසකට වැසිකිලි පහසුකම් නැහැ. එය සෞඛ්‍ය ප්‍රශ්ණයක්. වැසිකිලි ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ 450 ක් වැය කරනවා. ලෝක බැංකුව සමග ඒකාබද්ධව තවත් වැසිකිලි 7300 ක් ඉදිකිරීමට මුදල් වෙන්කරගෙන තිබෙනවා. වතුකරයේ මාර්ග පද්ධතිය අළුත්වැඩියා කිරීම සදහා රුපියල් ලක්ෂ 1480 ක් වෙන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරන විට මෙවැනි පහසුකම් ලබාදෙන්න හරිම පහසුයි.puna4

වතුකරයේ රෝහල් 450 ක් රජයට පවරා ගෙන නවීකරණය කරනවා. වතු කම්කරුවන්ගේ දරුවන්ට, කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව ඉටු කිරිම සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වතුකරයේ දරුවන්ට පෝෂ්‍යදායි බිස්කට් වර්ග ද ලබාදෙනවා. පලනි තිගාම්බරම් අමාත්‍යවරයාට මෙම වැඩකටයුතු සිදු කිරීමට හැකි වුයේ ඔහු වතුකරයේ ලැයිම් කාමරයක ජීවත් වූ පුද්ගලයෙක් නිසයි. දුක හොදට දන්නවා. නමුත් මේ වන විට වතුකරයේ සිටින ඇතැම් දෙමළ නායකයින්ට ලැයිම්කාමර වල ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ තරු පහේ හෝටල්වල එම නායකයින්ගේ සීයා තමයි ලැයිම් කාමරවල ජීවත් වුයේ. පලනි තිගාම්බරම් මහතා අපේ රජයට එකතු කර ගැනීමට මම සාකච්ඡා පැවැත්වූයේ බැංකොක් ගුවන්තොටුපළේ දී. ඔහුටත් පසුගිය රජය එපාවෙලා තිබුනේ. එළියට බැහැලා නව රජයක් බිහි කිරීමට කැමැත්ත තිබුනා. අපි එය ඉටු කළා. සියලු ජාතීන් වෙනුවෙන් අපි සටන් කරනවා. එම නිසා පලනි තිගාම්බරම් මහතා අපේ රජයට වටිනවා. මම ජාතිවාදයට විරුද්ධ කෙනෙක්. මට දේශ ද්‍රෝහියා කියලත් මඩ ගැහුවා. බෝම්බ ප්‍රහාර එල්ල කළා. නමුත් ජාතිවාදයට විරුද්ධව මම කටයුතු කරනවා. අපේ සිංහල මිනිසුන් හිතන්නේ දෙමල මුස්ලිම් ජනතාව ඔවුන්ට යටත් වෙලා ඉන්න ඕනි කියලයි. නමුත් ඔවුන්ටත් ඔවුන්ගේ අයිතිය ලබාදිය යුතුයි. අපි සියලු ජාතීන්ට සමානව සැළකීමේ සටන ඉදිරියට ගෙන යනවා. පසුගිය රජය සමයේ දී ජාතිවාදය ආගම්වාදය පිළීබදව කථා කළා. ලැඡජයි. නමුත් මේ රජයේ ලැඡ්ඡා නැතිව වාඩි වෙලා ඉන්න පුළුවන්. රජයේ දුර්වලතා, ප්‍රශ්න තිබෙනවා. නිවැරදි ආණ්ඩු ලෝකයේ කොහෙවත් බිහි වෙලා නැහැ. අඩුපාඩු හදාගෙන තමයි ඉදිරියට යා යුත්තේ. ශ්‍රී ලාංකික ජනතාව සමාන අයිතිවාසිකම් ලැබෙන රටක් බිහි කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගාම්බරම් මහතා,

මමත් මේ ලැයිමේ ඉපිද හැදි වැඩි වතු ජනතාව විදින දුක හොදින් හදුනන අයෙක්. වතුකරයේ ජීවත් වී ඔවුන්ගේ අමාරුකම් දන්න කෙනෙකුට විතරයි මේ ප්‍රශ්න තේරුම් ගත හැකි වන්නේ. මේ ජනතාව පදිංචි ස්ථාන නායයාමකට ලක් වෙනවා කියා මේ අය මා හමුවන්නට පැමිණියා. මේ වතුයායේ මගේ වෘත්තිය සමිති කිසිවක් නැහැ. මම මේ ජනතාව දෙස බැලුවේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙසටයි. ඒ අවස්ථාවේම ලේකම්වරයාට කතා කර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදසේ ලබා දුන්නා. ඊර්ෂ්‍යාකාර වතුකරයේ ඇතැම් පිරිස් කියා තිබුණා මගේ වෘත්තිය සමිති ආවොත් විතරයි මම නිවාස හදා දෙන්නේ කියා. මම වතුකරයේ ජීවත් වූ අයෙක් මම මේ අයට බිය නැහැ. මගේ ඉලක්කය වතුකරයේ ජීවත් වන සෑම අයෙකුටම නිවසකත් හදා දෙනන්යි. මේ අයට ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව සමග ගෞරවයෙන් ජීවත්වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නයි. වතුකර ජනතා සිහිනය සැබෑවක් කර ගැනිමට උපකාර කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූති කරන්නට මා මෙය අවස්තාවක් කරගන්නවා. පළාත් සභා අපි කුඩා ගණනකින් පැරදුනා. එයට හේතුවුනේ මහ බැංකුවේ මහ හොරකමක් කියා පෙන්නපු නිසයි. අපි මැතිවරණයකට puna5යන්න බය නැහැ. එක්සත් ජාතික පක්ෂය තමයි කවදත් වතු ජනතාවට සහන ලබා දුන්නේ.

මේ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය නියෝජ්‍ය ආමාත්‍ය ෆයිසල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ, හපුතලේ එජපා සංවිධායක සෙනරත් ජයසූරිය ඇතුලු මන්ත්‍රිවරුන් පිරිසක් අදහස් පළ කළහ.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිවෙස් හිමියන්ට සංඛේතාත්මකව නිවෙස් වල යතුරු පිරිනමන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, රවීන්ද්‍ර සමරවීර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

puna7

 

Last modified on Monday, 15 October 2018 20:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us