කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ආයෝජන පහසුකම් සඳහා මෙන්ම නව කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කිරීමට එකඟත්වය පල කිරීමට චීනයේ, චින්ඩාවෝ ප්‍රාන්තයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15 ක් එකඟ වී තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු අද (18දා) නිදහස් විය. කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද(18) කතානායකවරයාට බාර දී ඇත. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 88ක් අත්සන් තබා තිබේ.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම තවදුරටත් ජුලි මස 02දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18දා) නියෝග කර තිබේ.
මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට සුළු වෙලාවකට පෙර මුල්‍ය ආපරාධ ඒකකයට කැදවා තිබේ.
අඩු වැටුප්වලට ශ්‍රමිකයින් යැවීමට සූදානම් නෑ - තලතා අතුකෝරල
අඩු වැටුප් ලබාදෙන රටවල්වලට විදෙස් ශ්‍රමිකයන් යැවීම සීමා කිරීමට අදහස් කරගෙන සිටින බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල පවසයි.
මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කටයුතු පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්ව සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ සොහොයුරා මත්කුඩු සමග ඊයේ (17) පස්වරුවේ කොහුවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.