ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාලව ගැසට් නිවේදනය ඊයේ(16) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව අද පුවත්පත වාර්තා කරයි.

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක හයක්‌ ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (17) කරනු ලබන විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය මගින් සජිවීව විකාශය කෙරේ.

පසුගිය පාලන සමයේදී ඉදිකිරීම් ආරම්භ කළ ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම අත් හි‍ටුවීමට අණ්ඩුවට සිදුව ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද(16) කොළඹ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මියන්මාරයේ පැවති ශිෂ්‍ය පාගමනකදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය  විසින් නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප‍්‍රශ්න කරමින් සිටී.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us