ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ගේ පුතු රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳමින් එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම විසින් අතුරුදහන් වූවන් සොයා දෙනවා වෙනුවට එම මාපියන්ට කුකුලන් සහ එළුවන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම් මහතා පවසයි.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.

දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නවසීලන්ත ජාතික මයිකල් ලැප්ස්ලි පියතුමා මෙම මස 21වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මයිකල් පියතුමා ලෙස අප්‍රිකානු ජනතාව හඳුන්වන එතුමා වර්ණ බේද වාදයට විරුදධව හඬ නැගුවෙකි. නවසීලන්ත ජාතිකයෙකු වන මයිකල් පියතුමා 1973 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට පැමිණෙන්නේ උපාධි අපේක්ෂකයෙකු ලෙසයි.

'මාළුවා' හෝ 'බෝට්ටු'ව ලකුණින් ධීවර දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට වයඹ බටහිර වෙරළ තීරයේ ධීවර ගම්මාන රැසක ධීවරයන් තීරණය කර ඇත.

පසුගිය පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුකළ සහ අයථා ලෙස වත්කම් ඉපයූ විවිධ තානාන්තරවල සිටි පුද්ගලයන්ට එරෙහිව ලැබී තිබූ එහෙත් පරීක්ෂණ සිදු නොකර යටගැසූ සහ පරීක්ෂණ සිදුකළ ලිපිගොනු දහස් ගණනක් පොලිස්පතිවරයා වෙතට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඕනෑම පොඩි දෙයකට පවා අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිලි ගෙනගොස් ලොකුවට උද්ඝෝෂණ පවත්වන ජනතා විමුක්ති පෙරමුණ මහ බැංකු මූල්‍ය වංචා පිළිබඳ මුනිවත රැකීම පිළිබඳ යම් සැකයක් මතුවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රට පුරා ඇති කැසිනෝහල්, සූදු පොළවල්,රාත්‍රී සමාජ ශාලාවල බලපත්‍ර පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය මගින් ක්‍රියාත්මක කර තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us