රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ.

උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ පෙනී සීටීමට නියමිතව ඇති හෙයින් තායිලන්ත තනාපතිනිය වශයෙන් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මත්තලට ඉල්ලුමක් !

Published in පුවත්
Sunday, 29 March 2015 19:45

විදෙස් ආයතන පහක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ බදු පදනම යටතේ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ. ගුවන් නියමු පුහුණු, ගුවන් යානා ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක් සඳහා මෙලෙස ගුවන් තොටුපළ භාවිතා කිරීමට මෙම විදේශිය ආයතන බලාපොරොත්තුවේ.

මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ලද ශ්‍රී ලනීපය දෙකඩ කර මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් විනාශ කර දැමීමේ ව්‍යාපෘතිය තවදුරටත් ඒ මහතාට අභියෝගයක් නොවන බව ශ්‍රි ලනිපයේ ජේෂ්ඨයන් සඳහන් කරයි.

දින සීයේ වැඩ පිලිවෙල අවසානයේ අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය මැයි 5 වන දිනට කල් ගොස් ඇති බව අණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යුක්‍රේනයේ ත්‍රස්තවාදී සංවිධනයක සමඟ අවි ජාවාරමක නිරතව සිටිය බවට චෝදනා ලැබ සිටින රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ වන විට අතුරුදහන්ව ඇති බැවින් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය දින කිහිපයේ තාවකාලිකව නවතා තිබුණු මහා මාර්ග හා ගම්බද මාර්ග සංවර්ධන කටයුතු නැවත ආරම්බ කිරීමට පසුගියදා මහ මාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම කොන්ත්‍රාත් කටයුතු සිදු කරමින් සිටි චීන ඉදිකිරීම් සමාගම කිහිපයකට අදාල මුදල් පියවීම සඳහා මිලියන 1000 ක මුදලක් පසුගිය 26 වන දින සිදු කර ඇතැයි වාර්තාවේ.

සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මේදිනවල සිංගප්පුරුවේ රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබති.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us