මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටී.

ජේ.ආර් හෝ චන්ද්‍රිකා මෙන්ම මහමැතිවරණ කල්දමන්න‍ට මේ ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබුවහොත් වීදි සටන් කරන බව ඒක පුද්ගල පක්ෂයක නායකයකු වන එජනිස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජ්‍යෝතිෂය විශ්වාස කිරීම හේතුවෙන් මහින්ද පැරදුණා යැයි පවසන චම්පික 2020 වසරේ දී තමන්ට ද රාජයෝගයක් උදාවන බවත්, ඒ වන විට තමන් රටේ අගමැති වන බවත් විශ්වාස කරමින් 19 වන සංශෝධනයට විරුද්ධව කටයුතු කරන බව පුරවැසි බලයේ කැවුම්කරු වන ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ මහතා පැවසී ය.


ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ රාජගිරිය සවරින් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ ඉදිරියේ දී සම්මත වීමට නියමිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය හෙළිදරව් කිරීම සහ එම ව්‍යවස්ථාව හැකි ඉක්මණින් සම්මත කොට ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට බල කිරීම සඳහා ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ මහතා.

චම්පික 19 වන සංශෝධනයට විරුද්ධ වෙන්නෙ බෙදුම්වාදය පැරදවීම සඳහා විධායක ජනාධිපති ධුරය අවශ්‍යයි කියන පදනමේ ඉඳගෙන. නමුත් මේක පට්ටපල් බොරුවක්. එහෙම නම් මේ රටේ වසර 31 පැවති යුද්ධය එතෙක් කාලයක් දිග්ගැස්සුණේ ඇයි? ඒ කාලය තුළ තිස් වසරක් සහ මෙතෙක් රට පාලනය කළේ සහ කරමින් සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ.

අපි දන්නව පසුගිය ජනාධිපතිවරණයෙදි හැට දෙලක්ෂයක් ඡන්ද දායකයො මෛත්‍රිපාල සිරිසේන මහත්මයට ඡන්දෙ දුන්නෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මිසක් ඒකෙ කෑලි අඩු කරල සංශෝධනය කරන්න නෙවෙයි.

සමහර අය කියනවා රටක් ස්ථාවර වෙන්න විධායකය අවශ්‍යයි කියල. ඒකත් මුසාවක්. රටක් ස්ථාවර වෙන්නෙ ඒකාධිපති ක්‍රමයක් යටතෙ නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් යටතෙ. රටේ ජනතාවට අවශ්‍යය කරන්නෙත් ඒක. ලෝක මට්ටමෙන් ම මේ පිළිබඳව සමීක්ෂණයක් කරල තියෙනවා. ඒ අනුව 1950 සිට මේ දක්වා අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදිව පාලනය කරපු රටවල් 23 ක් සොයාගෙන තියෙනවා. ඒ අතරින් රටවල් 21 ක පැවතිලා තියෙන්නෙ පාර්ලිමේන්තුවාදි ක්‍රමයක්. රටවල් දෙකක් පමණයි විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාලනය කරල තියෙන්නෙ.

චම්පික රණවක මේ කියන දේශපාලන කතාවට එහා ගිය එයාගෙ පුද්ගලික කතාවකුත් තිබෙනවා. ඒ තමයි මහින්ද පරාද වුණේ ජ්‍යෝතිෂය නිසා කියල පිළිගන්න චම්පික ම එයාට 2020 රාජයෝගයක් තියෙනවා කියල ජ්‍යෝතිෂකරුවෙක් කිව්වම ඒක පිළිඅරගෙන 2020 දි අගමැති වෙලා ඊට පස්සෙ ජනාධිපතිවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි මේකෙ ඇත්ත කතාව. අපිට මතකයි 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙත් ඒකට විරුද්ධ වුණේ චම්පික විතරයි. අපි පැහැදිලිව ම කියනවා මේක කුමන්ත්‍රණයක්. හැබැයි ඒක බටහිර කුමන්ත්‍රණයක් නෙවෙයි. මේක දේශීය කුමන්ත්‍රණයක්. චම්පික ඒකෙ බළල් අතක් බවට පත්වෙලා.

අනිත් කාරණය තමයි චම්පිකල මේ ගෙනියන්නෙ පුද්ගලික විරෝධයක්. ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයට එරෙහි පුද්ගලික විරෝධයක්. ඒ නිසා අපි මේ අයගෙ ක්‍රියාකාරකම් පිළිබඳව අවදියෙන් සිටිය යුතුයි. ඔවුන් පිළිබඳ රටට හෙළිදරව් කළ යුතුයි. ඒ වගේ ම මෛත්‍රී, රනිල් සහ චන්ද්‍රිකා මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. මේ කරුණු වඩාත් විධිමත් විදියට ජනතාවට අවබෝධ කර දීම සඳහා අපි අප්‍රියෙල් අට වන දින රැලියක් සංවිධානය කර තිබෙනවා.

ජනාධිපතිවරණයට බල කළේ මහින්ද - කෞෂලයා ප්‍රනාන්දු


පසුගිය දවස්වල කලාකාරයො පිරිසක් හිටපු ජනාධිපති හමු වෙච්ච වෙලාවක කියල තියෙනවා ‘ගහල හරි ගමු’ කියල. කලාකාරයො කරපු නිර්මාණවල විතරක් නෙවෙයි ජාතක කතා පොතෙත් ජනකතාවලත් කිසිම තැනක සඳහන් වෙලා නැහැ මිනිස්සු අතරෙ වෛරය පතුරුවන ක්‍රම ගැන. ඒ කතන්දරවල චරිත මවපු සතුන් පවා නිතරම උපදෙස් දුන්නෙ සත්තු අතරෙ සමගිය ගොඩනගන්න කියල. මුළු ලෝකයේ ම වෛරය පතුරවන කලා නිර්මාණ බිහි කරල නැහැ. කලාකරුවන් අතින් එවැනි නිර්මාණ බිහි වෙන්නත් බැහැ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන සමාජයේ තිබෙන වැරදි තැන් පෙන්වල දීල ඒව සමගියෙන් සාකච්ඡාවෙන් විසඳගන්න විදිය කලාව තුළින් සමාජ ගතකරන්න.

අපි විතරක් නෙවෙයි මුළු ලෝකය ම දන්නා පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුවෙ මහින්ද රාජපක්ෂගෙ වුවමනාවට මිසක් මෛත්‍රිපාලගෙ වුවමනාවට නෙවෙයි කියල. ජනාධිපතිවරණයට බල කළේ මහින්ද නමුත් හැට දෙලක්ෂයක් ඡන්දෙ දිල මහින්ද පරාජය කළා මිසක් අපි කවුරුවත් ජනාධිපතිකම මහින්දගෙන් බලෙන් අදුර ගත්තෙ නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදිව බලය ලබාගත් පුද්ගලයට රට පාලනය කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ආයෙත් මහින්දට බලයට එන්න ඕනනම් තව වසර හයක් ඉවසන්න වෙනවා. ඒකට අපේ බාධාවක් නෑ.

වෙනත් ජාතිකයකුට මේ රටේ නායකය වෙන්න බැරි ඇයි? - ධර්මසිරි බණ්ඩාරනායක


දැන් අපේ රටේ කතිකාවක් ගොඩනැගිල තියෙනවා රතන හාමුදුරුවො හරි සෝභිත හාමුදුරුවො හරි අගමැති කළ යුතුයි කියල. නමුත් අපිට මතකයි අමිර්තලිංගම් විපක්ෂ නායකය වුණ වෙලාවෙ ඔහු ඒකෙන් ඉවත් කරන්න කරපු කුමන්ත්‍රණ මොනවද කියල. ඇයි එහෙම වෙන්නෙ? ඒ වගේ ම අපි දන්නව කදිරගාමර්ට අගමැතිකමට හොඳට ම සුදුසුකම් තිබුණ.නමුත් ඔහුට එය ලබාදීම පිළිබඳව අපේ රටේ දේශපාලකයන්ගෙ තැතිගැන්මක් තිබුණ. ඇයි වෙනත් ජාතිකයකුට මේ රටේ නායකය වෙන්න බැරි.

දැන් අපි දන්නව පසුගිය දවස්වල මහින්ද රාජපක්ෂ හමු වුණු කලාකරුවො හැමදාම දැරුවෙ ‘දෙමළා චප්ප කළ යුතුයි’ කියන අදහස. උතුරු ප්‍රෙද්ශයෙන් හමුදාව ඉවත්වෙලා යන කලා නිර්මාණ කරන පුද්ගලයා ම පුද්ගලිකව උතුරේ හමුදාව ඉවත් කරනවට විරුද්ධයි.

මේ වෙලා තියෙන්නෙ වෙන මොනවත් නෙවෙයි. පරාජිතයන්ට තමන් බුක්ති විපු වරදාන වරප්‍රසාද නැතුව දින සියයක්වත් ඉන්න බැහැ. මොකද ඔවුන් කලාවේ නාමයෙන් කරේ විශාල වෙළෙ ව්‍යාපාරයක්. ඒ නිසාතමයි ප්‍රජාතන්ත්‍රවාදිව ලබාගත්තු බලය බලහත්කාරයෙන් හරි ආයෙත් ඔවුන් අතට ගන්න කුමන්ත්‍රණය කරන්නෙ. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ: ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත්තු බලය උදුරාගන්න යොජනා කරන කිසිම පුද්ගලයෙක් කලාකාරයෙක් හෝ කලාකාරියක් විදියට පිළිගන්න එපා කියල. ඒ වගේ ම අපි ඔවුන්ට අභියෝග කරනවා අපි ජිවත් වෙලා ඉන්න තුරු ඒ දේ කරන්න ඉඩ දෙන්නෙත් නැහැ කියල.

මේ සියලු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නෙ අභයාරාමයේ - සමන් රත්නප්‍රිය


අපිට මේ පවතින දේශපාලන මොහොත පිළිබඳ විවේචනයක් තිබෙනවා. නමුත් ඒක ධනාත්මක විවේචනයක්. අපි දන්නවා යම් ආකාරයක ආර්ථික සුභසාධන ලබාදුන් බව. නමුත් ඒ සුභසාධණ සැබෑ ලෙසින් ම ජනතාවට ලැබෙනවද කියන ප්‍රශ්නයක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සහ විමසිල්ලෙන් සිටීම ඇමතිවරුන්ගේ වගකීමක්.

ප්‍රධාන ම කාරණය තමයි 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි වෙන්නෙ නැහැ. නමුත් 19 වන සංශෝධනය කප්පාදු නොකළ යුතුයි. අපි අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නෙ මේ වෙනසට දායක වුණ හැට දෙකල්ෂයක්ෂයක් වුණ ජනතාවගේ ජනතා අභිලාශයට ගරු කරන්න කියල. ඒ වගේ ම ජනවාරි 8 වන දින ඡන්දය දීපු ඒ ලක්ෂ හැට දෙකක් වුණ ජනතාවට නිගරු කරන්නත් එපා කියල. මොකද දැන් මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේපයි. නමුත් ඔහු එය වටහාගන්නෙ නැහැ. සහ පිළිගන්න සූදානමක් නැහැ. ඔහු දැන් උත්සාහ කරන්නෙ පවතින දේශපාලන ව්‍යුහය අවුල් කරන්න. අවාසනාව කියන්නෙ මේ සියලු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නෙ අභයාරාමයේ වන එකයි.

මහින්ද රාජපක්ෂ ළඟ ඉන්නෙ කලහකාරයො - දීපානි සිල්වා


අපි කලාකරුවන් විදියටත්, පුරවැසි බලය විදියටත් රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බලාපොරොත්තු වුණ වෙනස වුණා. ඒක කළේ බලහත්කාරයෙන් නෙවෙයි. ප්‍රජාතන්තවාදීව. නමුත් පරාජිතයෝ තමන්ගෙ පරාජය පිළිගන්න සූදානම් නැහැ. අරලියගහ මන්දිරයේ බණ කියවපු, අරලියගහ මන්දිරයේ ඉඳගෙන බණ අහපු, රටට ම බණ කියපු මහින්ද රාජපක්ෂ දැන් කලාකාරයො නොවන කලහකාරයො පිරිසක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත්තු බලය පැහැරගන්න කුමන්ත්‍රණය කරනවා. ඒ නිසා අපි කියන්නෙ මේ අය කලාකාරයො නෙවෙයි කලහකාරයො.

බලකාමයෙන් මත් වෙච්ච අයට මේ ආණ්ඩුවේ බලය ඩැහැගන්න ඉඩ දෙන්න බැහැ - ජයතිලක කම්මැල්ලවීර


ජනවාරි 08 වෙනිදා රටේ ජනතාව පිල් දෙකකට බෙදුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදි සහ ඒකාධිපතිවාදි ලෙස. ඒ වගේ ම එදා මෛත්‍රී අතට ගත්තෙ ඔහුගෙ සටන් පාඨයක් නෙවෙයි. ජනතාවගෙ සටන් පාඨය. ඒනිසා ඒක මෛත්‍රිට විතරක් බාර දීල අපිට නිහඩව ඉන්න බැහැ. අපි දන්නවා මෑත වසර දහයක පමණ කාලයක් දැඩි ඒකාධිපතිවාදයක් රජ කළා. ඒ නිසා අපි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනාවක් සටන් කළා. අද යෙදිල ඉන්නෙත් එතන. ඒ නිසා බලකාමයෙන් මත්වෙලා ඉන්න පිරිස්වලට මේ ප්‍රජාතන්ත්‍රවාදිව ලබාගත් ජනබලය ඩැහැගන්න ඉඩ දිය යුතු නැහැ.

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම යහපත් ලක්ෂණයක් - ඩබ්ලි්‍යු. ජයසිරි


ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්න ඉඩ ලබාදී ම මට නම් සන්තෝෂයටකාරණයක් හැටියට කියන්න පුළුවන්. මොකද තමන්ට තේරෙන භාෂාවකින් ගයන කොට තමයි ඒකෙ අභිමානයක් තියෙන්නෙ. අනෙක් කාරණය තමයි යුද්ධය නැති අවස්ථාවක ‘අධි ආරක්ෂක කලාප’ ඉවත් කිරීම. ඒක ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් විදියෙ වාතාවරණයක් සකසනවා.


19 බලාත්මක මදියි - ජෝසප් ස්ටාලින්


අපි ආණ්ඩුවට බලකර සිටින්නේ අප්‍රිෙයල් 23 වන දින 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න කියල. ඒ එක්ක ම කියන්න ඕන 19 බලාත්මක මදි කියල. මොකද අපිට අවශ්‍යය විධායක ජනාධිපති ධුරයේ කෑලි ගලවන්න නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න. නමුත් පළමු පියවර විදියට 19 ට අපි ඉඩ දෙනවා.

මෙහි දී ‘මොන්ලාර්’ ආයතනය නියෝජනය කරමින් එහි ක්‍රියාකාරිකයකු වන චින්තක මහතා ද අදහස් ප්‍රකාශ කළේ ය. ඔහු පවසා සිටියේ එලඹෙන අප්‍රියෙල් 06 වන දින කොටු දුම්රියපළ ඉදිරිපිට දී දැනට ආණ්ඩුවේ පවත්නා අකටයුතුකම් පිළිබඳ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යි.

 

සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඡායාරූප:  නිශාන්ත ප්‍රියදර්ශන

{soundcloud}https://soundcloud.com/lankadaily/gamini-wiyangoda{/soundcloud}

{soundcloud}https://soundcloud.com/lankadaily/purawasi-balaya-1{/soundclod}

purawaesi balaya30 2purawaesi balaya30 3purawaesi balaya30 4purawaesi balaya30 5purawaesi balaya30 6purawaesi balaya30 7purawaesi balaya30 8purawaesi balaya30 9purawaesi balaya30 10purawaesi balaya30 11purawaesi balaya30 12

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරන්න යැයි යෝජනාවක් හෝ කිරීමට අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නඩු මගට බැසීමට ජාතික හෙළ උරුමය තීරණය කරයි. මේවන විට දහනම වැනි වන ව්‍යවස්ථා සශෝධන කෙ‍ටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තාවේ.

මහ ඇමැති ධුරය අහිමි වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් එම රැස්‌වීම්වලට අඛණ්‌ඩව සහභාගි වන බව බස්‌නාහිර පළාතේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බලශක්තියෙන් සපිරි රටක්" නව බලශක්ති සැලැස්ම ජානධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද (31) එළිදැක්වීමට නියමිතය. 2020 වසර වනවිට අපේම බලශක්තියෙන් අපේ ආර්ථීකය සහ සංවර්ධන කාර්යයන් උපරිම මට්ටමෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇත.

රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (30) නියෝග කළේය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us