අැමරිකාවෙන් ආනයනය කරන ලද බැක්ටීරියා ආසාධිත ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා අද සිට මෙහෙයුම් ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස අජිත් ඩයස් මහතා පත් වී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ‘ගෙදර යන’ බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාත‍්‍රියේ රැස් වී ඇති අතර  මෙතෙක් පුරප්පාඩු වී තිබූ තනතුරු 4කට එහිදී නව නිලධාරීන් පත්කෙරුණු බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා  පවසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයත් සමග රහසේම විදේශ ගතව සිටි හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පසුගිය 20 වෙනි දින සංචාරක මණ්ඩලයට අයත් හෝටල් පාසලේ රහසිගත රැස්වීමකට සහභාගී වූ බව වාර්තාවේ.

පසුගිය පාලන සමයේ විදුහල්පතිවරුන්ට ලබාදුන් කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත.

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය ආසන ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණ මැතිවරණයක් ලෙස පැවැත්වෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවී සීනුව ලකුණෙන් තනිව තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us