රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් බියගම ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබෙනවා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝග නොතකමින් දංකොටු ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා රැස්වන අතර සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ දිනයේ අනාවරණය කර තිබේ.

ලංකාගම හදන දවසෙ ඉදල සිංහරාජය ගැන අවුරුද්දක් කතා කරනවා. විපක්ෂයේ එක මන්ත්‍රිවරයෙක්වත් ගියේ නැහැ සිංහරාජයට. මම පාර්ලිමේන්තුවෙදි කිව්ව සිංහරාජයට යන්න වාහනයක් දෙන්නම් කියලා. ඒ ගියෙත් නැහැ. නමුත් කොළඹට වෙලා උද්ඝෝෂණය කරනවා...

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us