රට විශාල සංවර්ධනයකට ගමන් කරමින් තිබෙනවා -දුමින්ද දිස්සනයක

Published in පුවත්
Wednesday, 07 April 2021 10:34

රට තුල මේ වන විට විශාල සංවර්ධනයක් ආරම්භ වී ඇති බවත් ජනතාවට දුන් පොරොන්දු අවුරුදු පහක් තුල ජනතාවට ලබා දීම වගකීමක් වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර,තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මල්පුර ගම්මානයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලමින්, එම ගම්මානයට පානීය ජල නල එලීමේ කටයුතු සමාරම්භක අවස්ථාවට එක් වෙමින්ය.

මේ පිලිබදව අදහස් දැක්වූ අමත්‍යවරයා ,

''අපි ජනතාවට මතක් කරන්න ඕනකම තියෙනවා,අවුරුදු 05 ක සැලැස්මක් ඇතිවයි මේ ගමන යන්නේ. අපේ අමාත්‍යංශ ගත්තම මේ වසර සැමට විදුලිය ලබා දෙන වර්ෂය බවට පත් කරලා තියෙනවා. දැන් මේකට මුදල් වියදම් කරන්නේ විදුලි බල අමාත්‍යංශයෙන් හා අපේ අමාත්‍යංශයෙන් තමයි අපි 100% ක්ම විදුලිය සඳහා අවශ්‍යය මුදල් ටික යොදවලා තියෙන්නේ. ඒ වගේම මේ වර්ෂය තුළ අපි මේ රටේ සෑම නිවසකටම, සෑම ව්‍යාපාරික ස්ථානයකටම විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරනවා.

අපි දැන් පහුගිය මාසයේ ආරම්භ කළා,ගමට බලාගාරයක් කියන වැඩසටහන යටතේ අවුරුදු 03 ක් ඇතුළත බලාගාර 7000 ක් මෙගා වොට් 700 ක් නිෂ්පාදනය කරන්න සූර්ය බලයෙන්,එහි පළමු ව්‍යාපෘතිය විදිහට බලාගාර 880 ක් ආරම්භ කරනවා ඉදිරි මාස 03 ඇතුළත.මේ විදිහට ගත්තම අපේ අමාත්‍යංශය ඇතුළු අනෙකුත් සියලු අමාත්‍යංශයන් වැඩ ටික අද ආරම්භ වෙලා කෙරීගෙන යනවා.

අපිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල වැව් ප්‍රමාණයක් හදන්න තියෙනවා, ඒ වගේම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා, පාසල් සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු සිදු වෙනවා.මේ අයුරින් විශාල සංවර්ධනයක් අද මේ රටේ ආරම්භ වෙලා තියෙනවා'' යනුවෙන් සදහන් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

duduminda 2duminda 1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us