අලුත් අවුරුද්දෙන් පසු වසා දැමු විශ්වවිද්‍යාල යළි ඇරඹීමට තීරණ !

Published in පුවත්
Tuesday, 06 April 2021 12:34

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල විකල්ප ක්‍රමවේද ඔස්සේ අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇති බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

කෙසේවෙතත් සිසුන් හට කොවිඩ් එන්නත ලබාදිමෙන් පසු ඔවුන්ගේ අධ්‍යයන කටයුතු මේ මස සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කර තිබුණි.

එහෙත් එන්නත ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන් හට එන්නත්කරණ කටයුතු ප්‍රමාද වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට සියලු විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අනුමැතිය ලබා දී තිබේන බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us