ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට අති විශෙෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කොවිඩ් යැයි සැකසහිත සේවකයෙකු හමුවීමත් සමග කතානායක කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේනවා.

කොවිඩ් ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ සොයිසා කාන්තා රෝහලේදී මේ වනවිට උපත ලබා තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කර ඇත.

සෞඛය මාර්ගෝපදේශ කඩ කරමින් සිටි පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේනවා.

කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේනවා .

අද (7) උදෑසන විශේෂ කාර්ය බලකාය කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී රුපියල් කෝටි දෙක හමාරක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳවා තිබේ.

මෙරටට මුව ආවරණ ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us