වෛරසය මර්දනය සදහා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ රැස්වීමක් !  

Published in පුවත්
Monday, 10 May 2021 14:18

කොවිඩ් වෛරසය රට පුරා සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද (10) පවත්වා තිබේනවා.

එහිදී ගන්නා ලද තීන්දු,

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරීම.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරිම.

දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුළින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම.

දැනට පරීක්ෂණ කටයුතු සදහා එකතු වී ඇති සම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කිරීම.

PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරිම.

මේ වන විට සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිල දී ගෙන මධ්‍යස්ථාන වෙත ලබාදීම.

එමෙන්ම PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරිම සහ ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදල මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම .

කෙසේවෙතත් කොවිඩ් තාක්ෂණ කමිටුව අද දින (10) රැස්වී තවදුරටත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගෙන ඒ පිළිබදව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යාංශ නිලධාරීන්ට අවධාරණය කර ඇති බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us