තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“ගම සමඟ පිළිසඳර“ වැඩසටහනට අද (20) වලපනේදි එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (19) පස්වරුවේ 09 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයාගෙන්කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් කඩිනමින් ස්ථාපනයට තීරණය කෙරිණ.

Covid-19 වසංගත අභියෝගය හමුවේ ප්‍රජාවක් ලෙස ව්‍යාපාරිකයින් හට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලු සහ එම ගැටළු විසදා ගැනීම සඳහා පොළාන්නරු දිස්ත්‍රික් ව්‍යාපාරික සංසද එකමුතුවේ හමුවක් ඊයේ පස්වරුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පුලතිසි චන්ද්‍රමණඩපයේදී පැවැත්විණි.

පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයක් මත පසුගියදා ආරම්භ විය.

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා තිබේන බව වාර්තා වෙනවා.

අපරාධකරුවන් වර්ගීකරණය කර වෙන්කර කැඳවීමේ නව වැඩපිළිවෙලක් සියලුම බන්ධනාගාරවල ළඟදීම ඇරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කර තිබෙනවා.

මෙගා සතොස අලෙවිසැල අද දින (19) ජාඇල නගරයේදී වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙරට කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,000 සීමාව ඉක්මවා ගොස් තිබේන බව සෞඛ්‍ය අංශය ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us