රටෙන් අඩකට හිමි පිරිසිදු පානීය ජල අයිතිය 2025 වන විට සමස්ත රටටම ලබා දෙනවා - අගමැති

Published in පුවත්
Saturday, 22 May 2021 11:41

රටෙන් අඩකට පමක් හිමි පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසර වන විට සමස්ත රට වැසියන්ට ම හිමිකර දෙන බව අගරමත්ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.

කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පානීය ජල ව්‍යාපෘති තුනක් විවෘත කිරීමේ අවස්ථාව සමඟ සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඊයේ (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය මෙලෙස ජනතා අයිතියට පත්විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන වර්ෂ 2025 දී සැමට ජලය තේමාව යථාර්ථයක් බවට පත්කරමින් ජනතා අයිතියට පත්වූ මෙම ජල සම්පාදන ව්‍යාපෘති ඔස්සේ කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 377ක ජනතාවට සෙත සැලසෙනු ඇත.

දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමයට රුපියල් කෝටි 1022ක්, ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමයට රුපියල් කෝටි 230ක් සහ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමයට රුපියල් කෝටි 32ක් වැය කර ඇති අතර මෙම ඉදිකිරීම්වලින් වැඩි ප්‍රතිශතයක් දේශීය ඉංජිනේරුවන් විසින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ දේශීය සමාගම්වල මැදිහත් වීමෙන් ඉටුකර තිබේ.

-පංචාලි අබේසේකර

w1w2w3w4w5

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us