2017 වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය.
දැන් නීත්‍යානුකූල ආණ්ඩුවක් නෑ..කැබිනට් එක නීති විරෝධීයි...හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා
පසුගිය වසරේ දෙසැම්බර් 31න් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වී ඇති බවත් මේ දක්වා ගිවිසුම දීර්ඝ නොකර ඇති බවත් මේ දක්වා ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් 31න් පසුව ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයක් අනාගතයේදී වුවද නීතිය ඉදිරියේදී අභියෝගයට ලක් කළ හැකි බවයි.
මහින්දට ආණ්ඩුවක් හදන්න ආරාධනා.. මහින්ද දිනුම්. මෛත්‍රී පජාතයි.
මහින්ද රජපක්ෂ ඇතුලුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට ඇතුළු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහිටු වීමට ආරාධනා කර තිබේ.
ජනපති දිනය වරද්ද ගනියි. අගමැති චණ්ඩියා වෙයි.. පෙබ. 08 විවාදය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි නම් කොමිසම් සභා වාර්තා දෙක පෙබරවාරි 10 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා ලෙස කළ අභියොගය බාර ගත් අගමැතිවරයා එය පෙබරවාරි 08 වන දින පවත්වන බව ප්‍රකාශ කර තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් ඒ දඬුවම් ලබා දෙන්නේ රාජපක්ෂලා සරත් ෆොන්සේකා මහතාට දඬුවම් දුන් ක්‍රමවේදයෙන් නොවන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපි ගොනු 300 ක් ලැබිලා තියෙවා. ඒවගේ පරීක්ෂණ කටයුතු දැන් කරගෙන යනවා. එයින් ගොනු 96 ක් නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. යැයි ද ඔහු පැවැසීය.
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙබරවාරි 10 වන දාට පෙර පාර්ලිමේන්තුව තුල කොමිසම් සභා වාර්තා දෙක විවාදයට ගන්න යැයි කළ අභියෝගය භාර ගන්නා ලෙස කතා නායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
ඡන්ද ප්‍රතිඵල - මහබැංකුව මංගලට.., මංගල ශ්‍රීලනිපයට..,
මෙවර පාළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්යාසයක් වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදී මෙරට ආර්ථිකයේ හැසිරවීම තමා විසින් බාර ගන්නා බවට කළ ප්‍රකාශය තහවුරු කරමින් මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති මහ බැංකුව, මුදල් ඇමැති මංගල සමරවීර යටතට පත් කිරීම සිදුවීමට නියමිත අතර මංගල සමරවීර මහතාද යළි දේශපාලන පිම්මක් පනිමිත් ජනාධිපතිවරයාට සහය දක්වන පිලිවෙතකට යෑම සිදු වීමට නියමිතය.
මෛත්‍රීගෙන් තවත් බොරුවක්! ගත්තු ණය රු. ට්‍රිලියන 10න් 9ක් අතුරුදන්ලු !
අද දින (26) ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ පැවැති සාකච්ඡාවේදී පසුගිය වසර 10 තුල ශ්‍රීලංකාව රුපියල් ට්‍රිලියන 10 ( බිලියන 10,000 ක්/ කෝටි ලක්ෂයක්) ක මුදලක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙන නමුත් මුදල් අමාත්‍යංශ ලේඛන මඟින් වත්කම් ලෙස පෙන්වීමට හැකියාව ඇත්තේ රුපියල් ට්‍රිලියන 01 වත්කම් පමණක් බවට කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් බව හෙළිව තිබේ. මෙම ප්‍රකාශයට අනුව රුපියල් බිලියන 9,000 කට වෙච්ච දෙයක් නැත..මුල්‍ය ක්ෂේත්රයේ තතු දත් අය මේ තවත් ලෝක විහිළුවක් බව පවසති.