පාඨලී චම්පික රණවක සතුව පැවැති හොර ගිණි අවියක් පිළිබඳ පුවතක් සම්බන්ධයෙන් ඔහු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි තැනක මෙසේ සඳහන් වේ."...2007 සිට 2019 දක්වා මා අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ අතර ගිණි අවිය සඳහා බලපත්‍ර ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර ඇත.ඒවාට ප්‍රතිචාර නොමැතිවීම නිසා ගිණි අවිය තලංගම පොලීසියට භාරදෙන ලදි.."

රවී කරුණානායකට ඇප !

Published in පුවත්
Thursday, 01 April 2021 11:55

2016 මාර්තු 31 සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වසර දහයකට අධික කාලයක් තිස්සේ බලපත් රහිත පිස්තෝලයක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තලංගම පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළ අද (01) සිට ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිවේදනය කර තිබෙනවා.

විදුලි සංදේශ සේවාවන්හි 16.5%ක වර්ධනයක් සමග 2020 වසරේ තෙවැනි කාර්තුවේ සේවා අංශය 2019 වසරේ එම කාර්තුවට සාපේක්ෂව 2.1% වර්ධනයක් අත් කරගෙන තිබේන බව වාර්තා වෙනවා.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දෙනු ලැබිණ.

දැදුරු ඔය විදුලි බලාගාරය අද (01) පෙරවරු 10.30 ට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

අසීමිත අන්තර්ජාල සැලසුම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කර ඇත.

ld add copy

Connet With Us