මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූල ව වැඩි කර 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට තාම ද අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව දිලිත් ජයවීර 'ද ලීඩර්' වෙබ් අඩවිය වෙත පවසා ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබේ.

ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි.

ඊශ්‍රායල - පලස්තීන අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමය මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ගෙන ආ  යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ld add copy

Connet With Us