මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීමට IESC සහාය !

Published in පුවත්
Friday, 03 November 2023 09:36

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගිතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) සහයෝගය පළ කර තිබෙනවා.

මෙම කටයුතු පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර එම සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම අවස්ථාවට IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinchමහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

විශේෂයෙන් අප රටේ දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලනය කරන ඒකකවල ධාරිතාවය ඉහළ නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය ලබා දීම එම IESC ආයතනය විසින් සිදු කරනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ඒකක මෙම වැඩ පිළිවෙළ සඳහා ඒකරාශි කර ගැනීමට නියමිතයි.

ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම තම සංවිධානයේ අරමුණ වන අතර කිසිසේත්ම ලාභ ඉපයීමේ අරමුණක් තම සංවිධානයට නොමැති බව මෙම අවස්ථාවට එක්වෙමින් IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinch සඳහන් කළා.

මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අතර IESC ආයතනය විසින් එම සියලුකටයුතු මෙහෙයවනු ලබයි.

මේ වනවිට දිනකට කිරි ලීටර් 100කට වඩා අඩු මට්ටමක පවතින කිරි නිෂ්පාදන ඒකක රැසක් හඳුනාගෙන ඇති අතර එම ඒකකවල කිරි නිෂ්පාදනය වැඩි කිරීම මගින් ගොවි ජනතාවගේ දෛනික ආදායම ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.

කිරි ගොවියා වෙනුවට කිරි නිෂ්පාදන ව්‍යවසායකත්වයෙක් දක්වා කිරි ගොවියා නංවාලීම මගින් කිරි කර්මාන්තය සඳහා යොමු නොවන තරුණ ප්‍රජාව ආකර්ශණය සඳහා මෙම වැඩ පිළිවෙළ මගින් සිදුවිය යුතු බව මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යවරයා සඳහන් කළා.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us