වෛද්‍ය වැඩවර්ජ‍නය අදත් !

Published in පුවත්
Friday, 03 November 2023 09:22

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි.

මෙම සංකේත වැඩවර්ජ‍න ක්‍රියාමාර්ගය ඊයේ (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාමත්මක කෙරුණි.

බදු බර, ජීවන වියදම, සෞඛ්‍ය අර්බුදය, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us