මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණය සඳහා අනිවාර්යයෙන් තරඟ කිරීමට නියමිත බවත් තවමත් තරඟ කරන පක්ෂය තීරණය කර නොමැති බවත් ඔහුගේ ප්‍රකාශක රොහාන් වැලිවිට පවසයි.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නැඟිට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස නම් තමාද එය යෝජනා කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වූ ජේ.එච්.ජයවර්ධන ඊයේ (02) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රධාන බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සදහා මේ වන විට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත.

වලිකාමම් චුන්නාකම් ප්‍රදේශයේ උතුරු ජනනී විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා සිදුවී ඇති පරිසර හානියට හා ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට සාධාරණයක් ඉටු කර ගැනීම අපේක්ෂා කරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් නඩුවක් පවරා ඇත.එම නඩුව මෙම මස 04 වන දින (හෙට) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වීමට නියමිතය.

හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන 23ක් අයථා ප්‍රයෝජනයට ගත් බවට සැකපිට රිමාන්ඩ් කර සිටින සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී හා තවත් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 17 තෙක් රිමාන්ඩ් කර ඇත.

ජාත්‍යන්තර පරිසර දිනය පදනම් කරගනිමින් "අවසාන කැමැත්ත ගසක් වෙනුවෙන්" (Last will for wood) සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් මෙම මස 05 වැනිදා උදේ 9.30ට හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේදී පැවැත්වේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

worky

worky1

ld add copy

Connet With Us