බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු සුබසාධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණි පසු තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඊයේ දිනය වන විට කොවිඩ් මර්දනය උදෙසා මෙරට ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව සහ එන්නත් වර්ගය පහත දක්වා ඇති පරිදිය.

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාරගැනීමට නියමිතය.

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,354 ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා.

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරන ලදී.

සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Connet With Us