සැබෑ ලෙස ම ජනතා විශ්වාසයන් කඩ කළේ එදා ආණ්ඩුවේ සිටි අද විපක්ෂයේ සිටින පිරිස බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එබැවින් විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ විපක්ෂයට එරෙහිව බවය. ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් 40කින් වැඩි කිරීම සඳහා යෝජනාවක් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් වී ඇතැයි සඳහන් වේ.

නිදහස් ලංකා ජාතික පෙරමුණ' නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා ඇත. ආචාර්ය රාජා ධර්මපාල මහතා එම පක්‍ෂයේ නායකයා වෙයි.

මුලින්ම ගෙන ආ යුත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයද නැතහොත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයද යන්න පිළිබඳ තීරණයක්‌ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සන්ධාන පක්‍ෂ නායකයන් අතර අද (9 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් ව තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ කෙ‍ටුම්පත් යෝජනා කිහිපයක් අතරින් අද දින කැබිනට් අනුමැතිය ලැබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට බව දැන ගැනීමට තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කෙ‍ටුම්පත් කරතිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙ‍ටුම්පත සම්මත කිරීම සඳහා අද දින සවස හදිසියේ ‍රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

තමාව ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තමන්ව එසේ කැඳවීමට හේතුව කුමක්දැයි යන්න දැනුවත් කර නැති බවයි.

හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතාව මෙම මස 12 වන දින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us